32 C
Colombo
Monday, May 6, 2024

අවුරුදු 12 දියණිය හට හොර රහසේ කොවිඩ් එන්නත ලබාදුන් වෛද්‍යවරයා කොරෝනා වාට්ටුවට මාරු කරයි (වීඩියෝ)

- Advertisement -

හලාවතදී හොර පාරෙන් එන්නත්කරණ මධ්‍යස්ථානයකට ගෙනවිත් තම දියණියට ෆයිසර් එන්නත ලබාදුන් වෛද්‍යවරයෙකු හා එයට සහය දුන් පවුල් සෞඛ්‍ය සේවිකාව වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට මාරුකර යවා තිබෙනවා.

12 හැවිරිදි මෙම දැරිය පුත්තලම – හලාවත – කොක්කාවිල ප්‍රාථමික විදුහලේ එන්නත් මධ්‍යස්ථානය වෙත පාසලේ පසුපස ඇති කම්බි වැටෙන් පන්නාගෙන එන ආකාරය News19 මීට පෙර වාර්තා කළා.

එලෙස නීතිවිරෝධී ලෙස ඇය පවුලේ සාමාජිකයන් සමඟ එන විට එහි සිටි පොලිස් නිලධාරියෙක් ඔවුන්ට බාධා කළා.

එහිදී එම ස්ථානයේ සිටි පවුල් සෞඛ්‍ය සේවිකාවක සඳහන් කළේ ඇය වෛද්‍යවරයෙකුගේ දියණියක් බවත්, ඇයට එන්නත ලබාදීම ගැන වෛද්‍යවරයා සම්පූර්ණ වගකීම ගන්නා බවත්ය.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පවසනවා.

මේ වන විට සිදුකරන ලද විමර්ශනයේදී අදාළ වෛද්‍යවරයාගේ දියණියව ආරක්ෂක අංශ විසින් එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කළද පෙර කී පවුල් සෞඛ්‍ය සේවිකාව ඇයව නැවතත් කැඳවාගෙනවිත් එන්නත ලබාදෙන ආකාරය එම එන්නත් මධ්‍යස්ථානයේ ආරක්ෂිත කැමරා දර්ශනවල සටහන්ව තිබූ බව ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකාව පවසනවා.

ඒ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයාගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදී ඔහු සමාව ඉල්ලා සිටි බවත් මෙම විමර්ශනයේදී හෙළිවන කරුණු අනුව අදාළ වෛද්‍යවරයාට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවට එරෙහි ව වැඩිදුර ක්‍රියාමාර්ග ගන්නා බවත් වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පවසනවා.


RECENT ARTICLES - SINHALA

ඊශ්‍රායලයේ Al Jazeera මෙහෙයුම් නවතා දමයි

කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදෙස් මාධ්‍ය...

VFS ආයතනය ඉන්දීය ආයතනයක් නෙවෙයි- ටිරාන් අලස්

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයේ වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇති VFS ආයතනය ඉන්දීය ආයතනයක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

අභිරහස් ලෙස මිය ගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි

ආගරපතන පොලිස් වසමට අයත් ටොරින්ටන් වතුයායට ඉහලින් පිහිටි රක්ෂිතයක හදුනා නොගත් නිරුවත් පුද්ගල මළ සිරුරක් ඊයේ (05) හමුවු බව ආගරපතන පොලිසිය පවසනවා. එම රක්ෂිතයේ දැර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...