27 C
Colombo
Thursday, May 2, 2024

ෆයිසර් එන්නතෙන් නවසීලන්‍තයේ සිදු වූ පළමු මරණය වාර්තා වේ

- Advertisement -

ෆයිසර් එන්නත සමඟ සම්බන්ධ වූ පළමු මරණය නවසීලන්තයෙන් සඳුදා වාර්තා වූ බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසා තිබෙනවා.

ස්වාධීන කොවිඩ්-19 එන්නත් ආරක්‍ෂක අධීක්ෂණ මණ්ඩලයේ සමාලෝචනයෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එන්නත ලබා ගැනීමෙන් පසු කාන්තාවක් මිය යාම පිළිබඳ මෙම තොරතුරු නිකුත් කරනු ලැබුවා.

ස්වාධීන මණ්ඩලය තීරණය කර ඇත්තේ කාන්තාවගේ මරණය මයෝකාඩයිටිස් (myocarditis) තත්ත්වය නිසා ඇති වූවක් බවයි.

එය ෆයිසර් කෝවිඩ් -19 එන්නතෙහි දුර්ලභ අතුරු ආබාධයක් ලෙස සැලකෙන්නක්.

මයෝකාඩයිටිස් යනු හෘද පේශි වල ඇතිවන දැවිල්ලක් වැනි ස්වභාවයකින් ඇතිවෙන තත්ත්වයක් බවයි වාර්තා වෙන්නේ.

එමඟින් හදවතට රුධිරය පොම්ප කිරීමේ හැකියාව සීමා කළ හැකි අතර හෘද ස්පන්දන රිද්මයේ වෙනස්කම් ඇති කළ හැකියැයි පැවසෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන පරිදි එන්නත ලබා දීමෙන් පසු දින තුළ සිදු වූ මෙම මරණය ෆයිසර් කෝවිඩ් -19 එන්නත සමඟ සම්බන්ධ වූ නවසීලන්තයේ පළමු මරණයයි.

RECENT ARTICLES - SINHALA

ව්‍යාජ දුරකථන ඇමතුම් ගැන PHI සංගමයෙන් දැනුම්දීමක්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බව පවසමින් ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබා දී මුදල් ලබා ගැනීමේ ජාවාරමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති...

උමා ඔය නිසා විදුලිබල මණ්ඩලයට දවසකට රු.මිලියන 80 ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ...

බස් ගාස්තු ගැන අවසන් තීරණය

ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු අඩුකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනා ගමන කොමිෂන්...

POPULAR ARTICLES

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...