27 C
Colombo
Monday, May 6, 2024

කොවිඩ් ආසාදිතව සිටි ජිප්සීස් සුනිල් සුවවී ගෙදර යයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව කොළඹ නවලෝක රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබෙනවා.

සුවය ලැබූ ඒ මහතා මේ වන විට රෝහලෙන් පිටව ගොස් සිය නිවසේ විවේකයෙන් කාලය ගත කරන බව ඔහුගේ පුත් ගයාන් පෙරේරා මහතා සදහන් කළා.

ඔහු සදහන් කරන්නේ සිය පියාට ඉක්මන් සුවය පැතූ සියලුම දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වන බවයි.

කෙසේ වෙතත් සුනිල් පෙරේරා මහතා කොවිඩ් ආසාදිතව රෝහල් ගතවී සිටින කාලය තුළ ඔහු සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර ගියා.

ඉන් එක් කටකතාවක කියැවුණේ සුනිල් පෙරේරා මහතා කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වූ බවයි.

එම අවස්ථාවේදී බොහෝ කලාකරුවන් ඊට මැදිහත්වී මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකර පුද්ගල චරිතවලට හානි නොකරන ලෙසට සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගෙන් ඉල්ලා සිටියා.


RECENT ARTICLES - SINHALA

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

අලුත් වෙන පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භකිරීමට කටයුතු යොදා අවසන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම්...

දරු දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබුණා. ඊයේ (05) රාත්‍රී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...