27 C
Colombo
Monday, April 29, 2024

සිතුල්පව්වේ වෙහෙරක් කඩා නිධන් හෑරූ තිදෙනෙක් අත්අඩංගුවට

- Advertisement -

සිතුල්පව්වේ පරිවාර දාගැබක් වන ‘මඟුල් මහා සෑය’ හාරා නිධන් වස්තු ලබාගත් තිදෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් තිදෙනා තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ පුද්ගලයින් බවට හඳුනාගෙන තිබේ.

මෙම අපරාධකරුවන් දැබැබේ ගර්භය බිඳ, එහි තැන්පත් කර තිබූ නිධන් වස්තු යම් ප්‍රමාණයක් සොරා ගෙන, බිඳ දැමූ කොටස ප්ලාස්ටර් පැරිස් යොදා වසා දමා නික්ම යන්නට උත්සාහ ගත් අවස්ථාව්දී සිතුල්පව්ව රජමහා විහාරයේ ආරක්ෂාවට අනුයුක්ත කර ඇති හමුදා නිලධාරියෙක් සිද්ධිය දැක ප්‍රශ්න කිරීමේදී සැකකරුවෙක් අල්ලා ගෙන ඇති අතර අනෙක් පිරිස පළා ගොස් ඇත.

ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනකු මේ වන විට කිරින්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන අතර මෙහි ප්‍රධාන අපරාධකරු ලෙස මේ වන විට හඳුනාගෙන සිටින ‘දෙබරවැව රුවන්’ නමැති නිදන් හොරකු සොයා මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...