33 C
Colombo
Saturday, May 4, 2024

ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක්

- Advertisement -

නිදහස් ටිබෙටය සහ තවත් සංවිධාන කිහිපයක් එක්ව ලන්ඩනයේ පිහිටි චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා තිබේ.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ දිනයට සමගාමීව මෙම උද්ඝෝෂණය පවත්වා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස සදහන් කළේ චීන බලධාරීන් ටිබෙටය තුළ සිදුව ඇති බලහත්කාරී අතුරුදන් කිරීම් රැසකට වගකිව යුුතු බවයි.

ටිබෙටය තුළ බලහත්කාරී පුද්ගල අතුරුදන්වීම් සහ පැහැරගෙනයාම් තවමත් ක්‍රමානුකූලව සිදුවන බවට ද ඔවුහු මෙහිදී චෝදනා කළහ.

චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කිරීමත් සමග ටිබෙට් ජාතිකයන් විශාල පිරිසක් එරටින් පළාගිය අතර මේ වන විට එක්ලක්ෂ පනස් දහසකට අධික ටිබෙට් වැසියන් පිරිසක් ලොව පුරා රටවල් 25කට අධික සංඛ්‍යාවක විසිරී ජීවත් වෙති.

ටිබෙටයේ ජීවත්වන පිරිස චීනය විසින් දැඩි මර්දනකාරී පාලනයකට යටත් කොට ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...