30.7 C
Colombo
Saturday, April 27, 2024

ඇඳිරි නීතිය දිර්ඝ කරනවාද?

- Advertisement -

මෙරට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දිර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධ තිරණය හෙට (03) දින ප්‍රකාශයට පත් කිරිමට නියමිත වනවා.

කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන අතර එහිදී මෙම තීරණය ගැනීමට නියමිත බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ.

මෙරට ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා පසුගිය අගෝස්තු 20වනදා දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පණවනු ලැබූ අතර එය අවසන්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා (06) අලුයම 04 ටයි.

කෙසේ වෙතත්, විෂයභාර රාජ්‍ය ඇමතිනිය පවසා සිටියේ ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දීර්ඝ කළ යුතු බව තමන්ගේ මතය බවයි.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ රට තුල හඳුනානොගත් කොවිඩ් ආසාදිතයින් 50,000ක් පමණ සමාජයේ සිටිය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යාව හා අණුක වෛද්‍ය විද්‍යාව අංශ ප්‍රධානී සහ ඩෙංගු පර්යේෂණ අංශයේ අධ්‍යක්‍ෂ ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය උපුටා දක්වමින් රාජ්‍ය ඇමතිවරිය පවසා සිටියා.


RECENT ARTICLES - SINHALA

ව්‍යාපාරයට වුණු පාඩුවට වන්දි ඉල්ලා ව්‍යාපාරිකයෙකුගෙන් රාජපක්ෂලාට එන්තරවාසියක්

2019 වසරේ සිට 2022 වසර දක්වා වූ කාලය අතරතුරදී තම ව්‍යාපාරයට සිදු වූ හානියට රුපියල් මිලියන 50ක වන්දි ගෙවන ලෙස දන්වා ව්‍යාපාරිකයකු වන කාලිංග...

යුද්ධයේ සුන්බුන් ගාසාවෙන් ඉවත් කරන්න වසර 14ක් ‍යනවා – එක්සත් ජාතීන්

ඊශ්‍රායල හා පලස්තීන යුද ගැටුමෙන් ගාසා තීරයේ ඉතිරි වූ පුපුරා නොගිය බෝම්බ ඇතුළු විශාල සුන්බුන් ප්‍රමාණය ඉවත් කිරීමට වසර 14ක් පමණ ගතවනු ඇති බව...

ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්

ශ්‍රී ලංකාවේ සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයක් පරිත්‍යාග කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ  දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු  කලාපයේ) නියෝජ්‍ය ලේකම්...

POPULAR ARTICLES

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...