33 C
Colombo
Thursday, May 2, 2024

ඇෆ්ගනිස්තානයේ හෙරොයින් ජාවාරම තවදුරටත් වර්ධනය වන ලකුණු

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත්ව ඇති හෙරොයින් සහ ඔපියම් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදාහැරීමේ ජාවාරම තලේබාන් පාලනය යටතේ තවදුරටත් වර්ධනය වනු ඇති බවට ප්‍රකාශ වී තිබේ.

ඊපොක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවක දැක්වෙන්නේ, රටේ සහ සංවිධානයේ මුදල් පැවැත්ම තහවුරු කරගෙන ආරක්ෂා කර ගැනීම සදහා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම අඛණ්ඩව පවත්වාගෙන යාමට තලේබාන් සංවිධානය කටයුතු කරනු ඇති බවයි.

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ කාර්යාලයට අනුව ලෝකයේ හොරොයින් සහ ඔපියම් සැපයුමෙන් 80% දායකවන්නේ ඇෆ්ගනිස්තානයයි.

කාබුල් නගරය අත්පත් කරගැනීමෙන් පසුව තලේබාන් සංවිධානය සදහන් කළේ තමන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පියවර ගන්නා බවයි.

එහෙත් තලේබාන් සංවිධානය දිගින් දිගටම සිය සංවිධානයේ පැවැත්ම වෙනුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම යොදාගෙන ඇති අතර වාර්ෂිකව ඉන් ලබා ගන්නා ආදායම ඩොලර් මිලියන හාරසියයක් පමණ වන බව ද සදහන් වේ.

මෙම පසුබිම තුළ තලේබාන්වරුන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් විවිධ ස්වරූප ඔස්සේ පවත්වාගෙන යාමට කටයුතු කරනු ඇති බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

RECENT ARTICLES - SINHALA

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

ඇල්ල – කරඳගොල්ල නායයෑම් අවදානම පාලනයට පියවර

ඇල්ල, කරඳගොල්ල නායයෑමේ අවදානම කෙටි කාලයක් තුළ පාලනය කළ හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධ‍න මහතා පැවසුවා. ඔහු මේ බව...

විරෝධතාවයක් නිසා ලෝටස් පාර අවහිර වෙයි

විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට ලෝටස් පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...