34 C
Colombo
Friday, May 3, 2024

රු. කෝටි 2ක් ජනතාව අතර බෙදූ දානපතියෙක් පොලිසිය අල්ලයි

- Advertisement -

එක් අයෙකුට රුපියල් 2000 බැගින් ජනතාව අතර මුදල් බෙදමින් සිටි අයෙක් නෙල්ලිඅඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා මෙලෙස යාපනය නෙල්ලිඅඩි පොලිස් වසමේ උඩුප්පිඩි ප්‍රදේශයේ ජනතාව අතරේ රුපියල් කෝටි 2 ක පමණ මුදලක් බෙදා දීමට සූදානමෙන් සිටි බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ (06) දින අදාල පුද්ගලයා ඇතුලු තුන් දෙනෙකු නෙල්ලිඅඩි පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ඇත්තේ නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මතයි.

ස්විස්ටර්ලන්තයේ සිටින තම පුතා විසින් අදාල පුද්ගලයාට එවූ මුදල් එලෙස ජනතාව අතර බෙදා හැරි බවයි වැඩිදුර පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත්තේ.

කෙසේ නමුත් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදාහැරීමට නෙල්ලිඅඩි පොලීසිය විසින් පියවර ගෙන තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

මෛත්‍රීගෙන් CID යට පැය 2ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්...

අරාබියේ බන්ධනාගාරවල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු...

කටුනායක වීසා ගැටලුව ගැන රජයෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී On-Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...