පකිස්තාන පන්ජාබ් ප්‍රාන්තයේ මුසාෆරාෆ් ප්‍රදේශයේ කාන්තා පොලිස් නිලධාරිනියක් පැහැරගෙන ගොස් ලිංගික අඩන්තේට්ටම් කිරීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.
එරට මාධ්‍ය වාර්තා කළේ ස්ත්‍රීන්ට එරෙහි අපරාධ සම්බන්ධ විමර්ශන අංශයක උප පොලිස් පරීක්ෂකවරියක් මෙම අපරාධයට ලක්වී ඇති බවයි.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයකු ඇය වාහනයට දමාගෙන පැහැරගෙන ගොස් ලිංගික අඩන්තේට්ටම් කර ඇති බවත් එහිදී ඇය බේරී පළාවිත් ඇති බවත් එරට මාධ්‍ය වාර්තාවල දැක්වේ.
පකිස්තානය කාන්තාවන්ට දැඩි අනාරක්ෂිත රටක් බවත් ඊට අදාළ පරීක්ෂණ භාරව සිටින නිලධාරිනියක් පැහැරගෙන ගොස් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්කිරීමෙන් එම තත්වය වඩාත් පැහැදිලි වන බවත් එරට වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.