33 C
Colombo
Saturday, May 4, 2024

චීනයේ ඇතැම් ක්‍රියාකාරකම් ඔස්ට්‍රේලියාවට තර්ජනයක් බවට ප්‍රකාශයක්

- Advertisement -

චීනයේ ඇතැම් ක්‍රියාකාරකම් තම රටේ ජාතික වැදගත්කම සම්බන්ධ කටයුතුවලට තර්ජනයක් බව ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිනි මාරිස් පේයින් පවසයි.

ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය මෙම අදහස් පළ කර ඇත්තේ ඉන්දු පැසිෆික් කලාපීය කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෑතකාලයේ චීනය විසින් සිදුකළ ඇතැම් ප්‍රකාශ සහ කටයුතු ඕස්ට්‍රේලියාවේ ජාතික වැදගත්කම සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුකරවන බව ඇය මෙහිදී පෙන්වා දී තිබේ.

මෙම ඇතැම් ප්‍රකාශ ඕස්ට්‍රේලියාවේ සිටින චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් විසින් සිදුකර ඇති බවත්, ඔවුන් ඒවාට ඕස්ට්‍රේලියාවේ හිදිමින්ම මාධ්‍ය හරහා ප්‍රචාරය ලබාදී ඇති බවත්, විදේශ ඇමතිනි මාරිස් පේයින් චෝදනා කර තිබේ.

චීනය සිය රට තුළ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරමින් වෙනත් රටවල සිට එම අයිතිය භාවිතා කරමින් විවිධ හානිකර ප්‍රකාශ කරන බව⁣ ද ඇය මෙහිදී සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

මාවුස්සා කැලේ ජලාශයට යටවූ නටඹුන් යළි මතු වෙයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා. පවතින අධික...

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...