33 C
Colombo
Wednesday, May 1, 2024

කබ්රාල්ගේ පත්වීමට එරෙහි පෙත්සම 7 වනදා යළි කැඳවයි

- Advertisement -

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයට පත්කිරීම හා එම ධුරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මධ්‍යම හා දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 7 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (22 දා) නියෝග කළා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ල අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කළේ එම පෙත්සම සම්බන්ධයෙන් සීමිත විරෝධතා ඇත්නම් ඒවා ලබන 30 වැනිදා හෝ ඊට පෙර ගොනු කරනා ලෙසයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම්කරු විසින් එම පෙත්සමට අදාළව ගොනුකර ඇති ලේඛනවල මුල් පිටපත් තමන් වෙත ලැබුණේ පෙර දිනයේදී බැවින් ඒවා අධ්‍යයනය කර කරුණු දැක්වීමට දින ලබාදෙන ලෙසයි.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනීසිටි අතර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙත්සම්කාර කීර්ති තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල නාය යෑම් ගැන පරීක්ෂණ ඇරඹෙයි

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම් තත්ත්වය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පිරිසක් අද (01) එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ආපදා...

පින්නවල ආදායම කෝටි 4 ඉක්මවයි

උත්සව සමයත් සමග පැවති දීර්ඝ නිවාඩුවේ දී පින්නවල එළිමහත් සත්වෝද්‍යානය නැරඹීමට සංචාරකයින් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරන් මැදවල මහතා සඳහන් කළේ මෙම...

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දරුණු අතුරු ආබාධ සැඟවි‍මෙන් මුලික මිනිස් අයිතිවාසිකම් කඩවෙලා

කොවිඩ් සමයේදී ලබාදුන් AstraZeneca එන්නතින් ඇතිවිය හැකියැයි කියන බරපතල අතුරු ආබාධ ගැන සඟවමින් ජනතාවට එන්නත් ලබා ගන්නා ලෙසට බලපෑම් කිරීම තුලින් මූලික අයිතිවාසිකම් කඩවී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...