33 C
Colombo
Friday, May 3, 2024

අපි කියන ඒවා ආණ්ඩුව ගණන් ගන්නෙ නෑ – වාසු

- Advertisement -

කෙරවලපිටිය යුග දනවි විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකානු සමාගමකට විකිණීමේ ගිවිසුම වළක්වා ගැනීමට නොහැකි වූයේ තමන් ඇතුළු කුඩා පක්ෂවලට ආණ්ඩුව තුළ ප්‍රමාණවත් බලයක් නොමැති නිසා බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඒ, ඊයේ (26) දින රූපවාහිනී වැඩසටහනක් සමඟ සම්බන්ධ වෙමින්.

අදාල ගිවිසුම අත්සන් කිරීමේදී කැබිනට් මණ්ඩලයට එහි අන්තර්ගතය නොදන්වා අත්සන් කළ බවත් තමන් එම ගිවිසුම දැක නොමැති බවත් ඔහු පවසනවා.

එමෙන්ම, මෙම ගිවිසුමට විරුද්ධව ‍රජයේ හවුල්කාර පක්ෂ මතුකරන කරුණු නොසලකා හැර ඇති බවත් එබැවින් ඊට එරෙහිව ජනමතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා.

“එක්තරා වෙලාවක වතුර උණුවෙලා උතුරන වෙලාවත් එනවා”, යැයි රජයේ හවුල්කාර පක්ෂ වල අදහස් නොසලකා හරිමින් ගිවිසුම් වලට එලැඹීම සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පවසා .


RECENT ARTICLES - SINHALA

අම්පාර- අක්කරෙයිපත්තුව මාර්ගයේ බිහිසුණු අනතුරක්

අක්කරෙයිපත්තුව - අම්පාර මාර්ගයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අදාළ අනතුර හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා...

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...