25 C
Colombo
Thursday, May 9, 2024

භාණ්ඩ 623ක් මත පනවා ඇති 100%ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය ඉවත් කෙරේ – මහබැංකු අධිපති

- Advertisement -

අත්‍යාවශ්‍ය හා හදිසි නොවන භාණ්ඩ 623ක් මත දැනට පනවා ඇති 100%ක ආන්තික තැන්පතු අවශ්‍යතාවය අද සිට ඉවත් කරන බව මහ බැංකු අධිපති අජිත් නිවඩ් කබ්රාල් මහතා පවසනවා.

සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සඳහා වන සය මාසික පෙරදැක්ම ඉදිරිපත් කරමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

මහබැංකු අධිපතිවරයා ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ලබා දුන් සහනය අවභාවිත කිරීමෙන් වලකින ලෙසයි.

එමෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ට පහසුකම් සැලසීමට අවශ්‍ය තරම් ඩොලර් රට තුල ඇති බැවින් අනාගත අවිනිශ්චිතතාව සැලකිල්ලට ගෙන අනවශ්‍ය තොග රැස් කරගැනීමෙන් වලකින ලෙසද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලීමක් කළා

එමෙන්ම අධ්‍යාපනික හා සෞඛ්‍ය අවශ්‍යතා සඳහා විදේශ විනිමය අවශ්‍ය වී සිටින ගනුදෙනුකරුවන් සඳහා කඩිනමින් විදේශ විනිමය මුදා හැරීමට කටයුතු කෙරෙනු ඇති.

බොරතෙල් සඳහා ගෙවීමට අවශ්‍ය ඩොලර් මහබැංකුව මගින් මුදා හරිමින් ද්‍රවශීලතාව ඉහළ නැංවීමට පියවර ගන්නා බවද කබ්රාල් මහතා මෙහිදී සදහන් කළා.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ⁣ඉන්ධන හිඟයක් පිළිබඳ කිසිදු බියක් ඇති නෙකර ගන්නා ලෙසෙයි.

තවද කොවිඩ් වසංගතය නිසා පීඩාවට පත් ව්‍යාපාරිකයන්ට ණය සහන සැලසීම සඳහා රුපියල් මිලියන 15,000ක් වෙන් කිරීම⁣ට මහබැංකුව කටයුතු කරනු ඇති.

එමෙන්ම දැනට අත්හිටුවා ඇති මුදල් හුවමාරු බලපත්‍ර 23 ක් අද සිට යළි ලබා දීමටද මහ බැංකුව තීරණය කර තිබෙනවා.

සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සඳහා වන සය මාසික පෙරදැක්ම මෙතනින් ? බාගත කරගන්න


RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...