25 C
Colombo
Tuesday, April 30, 2024

පළමු පුහුණු තරඟයෙන් ශ්‍රී ලංකාවට ජය

- Advertisement -

මේ මස 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් සහ ඕමාන් රටවලදී ආරම්භ වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකාවට හිමි පළමු පුහුණු තරග අවස්ථාවේදීම බංග්ලාදේශ පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ගමනට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට සමත් විය.

අබුඩාබිහි ටොලරන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 148 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම 19 වැනි පන්දුවාරයේ සපුරා ගන්නා ලද්දේ තවත් කඩුලු 4 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදීය. ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් අවිෂ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදි නොබිඳුණු ලකුණු 73 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

කැපී පෙනෙන පිතිහරඹයක නිරත වුණු අවිෂ්ක ප්‍රනාන්දු හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 42 කදී ලකුණු 62 ක් ලබා ගත්තේ ජයග්‍රහණයේ වැඩි වගකීමක් දිනූ පිතිකරුවා බවට පත් වෙමිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් චාමික කරුණාරත්න පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 29 ක් ලබා ගත්තේය.

අවසන් පන්දුවාර 3දී ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ලකුණු 34 ක් ලබා ගත යුතු වුවත් 18 වැනි පන්දුවාරයේදී ටස්කින් අහමඩ් ලබා දුන් අතිරේක ලකුණු 3 ත් සමඟින් ලකුණු 21 ක් ලබා ගැනීමටත් 19 වැනි පන්දුවාරයේදී ලකුණු 13 ක් ලබා ගැනීමට සමත්වීම නිසා පන්දුවාරයක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව උදාවිය. තරගය ජය ගත්තද කණස්සල්ලට ඇති එකම කරුණ වන්නේ අනෙක් පිතිකරුවන්ගෙන් බලාපොරොත්තුවන සේවය නොලැබීමය. චාමික සහ අවිෂ්කට පසු වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වූයේ පැතුම් නිස්සංක වන අතර ඔහුද ලකුණු 15 කට දැවී ගියේය.

පන්දු යැවීම අතින් ගත් විට ශ්‍රී ලංකා කණ්ඩායම කිසියම් ප්‍රගතියක් පෙන්නුම් කළ අතර එහිදී දුෂ්මන්ත චමීර කැපී පෙනුණි. ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 4 ලකුණු 27 කට සීමා කළ දකුණත් වේග පන්දු යවන්නා ප්‍රතිවාදී කඩුලු 3 ක් ද බිඳ හෙළුවේය. අවසන් තරග කීපයේදීම දැඩි ප්‍රගතියක් පෙන්නුම් කරන ළහිරු කුමාර සහ වනිඳු හසරංග සිය පන්දුවාර 4 දී ලකුණු 24 ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

පන්දුවට පහර දීමේදී බංග්ලාදේශ පිතිකරුවන් අතර සෞම්‍ය සර්කාර් පන්දු 26 කදී ලකුණු 34 ක් රැස් කළේය. ඔහු හැරුණු විට සෙසු පිතිකරුවන්ට ලකුණු 16 සීමාව ඉක්මවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසර ලබා නොදුන්හ. පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව සහභාගිවන මීළඟ පුහුණු තරගය ඔක්තෝබර් 14 වැනිදා පැපුවා නිව්ගිනියාවට එරෙහිව අබුඩාබිහිදී පැවැත්වෙනු ඇත

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...