29 C
Colombo
Friday, May 3, 2024

අමෙරිකාවට අයත් LNG තොග ගබඩා කර තබා ගැනීමට චීනයේ සූදානමක්

- Advertisement -

අමෙරිකාවට අයත් LNG හෙවත් ද්‍රවීකෘත ස්වභාවික වායු ගබඩා කර තබා ගැනීමට චීනය සූදානම් වන බව Reuters වාර්තා කරනවා.

ඉහළ යන ගෑස් මිල සහ ගෘහස්ත බලශක්ති හිඟය හේතුවෙන් චීනයේ ඉන්ධන සුරක්ෂිතතාවය පිළිබඳව අවධානයද වැඩි වන හෙයින්, ද්‍රව ස්වාභාවික ගෑස් (එල්එන්ජී) සැපයුම් දිගු කාලීනව ලබා ගැනීම සඳහා චීනයේ ප්‍රධාන බලශක්ති සමාගම් විසින් එක්සත් ජනපද අපනයනකරුවන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ආරංචි මාර්ග කිහිපයක් පවසන බවයි ඔවුන් පවසන්නේ.

ඉදිරි වසර කිහිපය තුළ එක්සත් ජනපදයෙන් චීනයට ඉහළ එල්එන්ජී ආනයනයක් සනිටුහන් කරමින් ඩොලර් බිලියන ගණනක් වටිනා ගනුදෙනු සඳහා මෙම සාකච්ඡා හේතු විය හැකි බවයි පැවසෙන්නේ.

2019 දී චීන-එක්සත් ජනපද වෙලඳ යුද්ධයේ උච්චතම අවස්ථාව වන විට දෙරටේ ගෑස් වෙළඳාම තාවකාලිකව ඇණහිටියේය.

මේ වසරේදී ආසියානු කලාපීය රටවල ස්වභාවික ගෑස් මිල, පැවති අගයට වඩා පස් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

මෑත කාලීන වෙළඳපල අස්ථාවරත්වය හේතුවෙන් ප්‍රමාණවත් තරම් දිගු කාලීන සැපයුම් සඳහා ගිවිසුම් අත්සන් නොකළ නිසා සමහර ගැනුම්කරුවන් පසු තැවුණු බව බීජිං පදනම් කරගත් තවත් මූලාශ්‍රයක් පැවසූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

Imports for winter of 2021 are capped as soaring global prices hurt demand
China's H1 2021 imports surged 28% on yr in counter-seasonal spike, but H2 imports seen capped by high prices

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...