33 C
Colombo
Friday, May 3, 2024

කෘෂිකර්ම අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

- Advertisement -

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා.

ගොවීන්ගේ පොහොර ප්‍රශ්නයට කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර නොගන්නේ නම් අදාල පියවර ගැනීමට සිදුවන බවයි අද (17) මහනුවරදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු පවසා සිටියේ.

මේ වන විට මෙරට දැවැන්තම ගැටළුව බවට පත්ව ඇති පොහොර ගැටළුව වී වගාවට පමණක් නොව තේ, පලතුරු, එළවළු ඇතුළු සියලු බෝග වගාවන්ට විශාල ලෙස බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ගොවීන් උද්ඝෝෂණ කරන්නේ ආණ්ඩු විරෝධී ක්‍රියාවක් හැටියට නොවෙයි . ඔවුන් ඉල්ලන්නේ පොහොර. එය ආණ්ඩු විරෝධී රැල්ලක් බවට පත් කරගැනීමට මඟ පාදා තිබෙන්නේ ආණ්ඩුව මයි. පොහොර ප්‍රශ්නය විසඳන්න ආණ්ඩුව කල් ගත්තා වැඩියි. ආණ්ඩුවේ අසමත්කම මෙයින් ප්‍රදර්ශනය වෙනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා තවදුරටත් ගොවීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්නෙ නැත්නම් ඔහුගේ ක්‍රියා ක්‍රියාකලාපය හේතුකොටගෙන විශ්වාස භංගත්වයක් ඇතිව තිබෙනවා. එය පදනම් කරගෙන විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අපට සිදුවෙනවා. එය නොකරන්නේ නම් එය ජනතාවට කරන අසාධාරණයක්. එය ගෙන එන්නේ රජයට පණිවිඩයක් දෙන්නයි. සමහරවිට කියයි අපිට තුනෙන් දෙකක් තිබෙනවා විශ්වාසභංගය අපි දිනනවා කියලා”

කෙසේ නමුත් මීට පෙර ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළකරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ජුනි මස 26වනදා කථානායකවරයා වෙත භාරදෙනු ලැබූ විශ්වාසභංග යෝජනාව ද පරාජය වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂය පවසා සිටියේ එම ශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ ජයග්‍රහණය කිරීමටම නොව සමාජයට පණිවිඩයක් දීමට බවයි.


RECENT ARTICLES - SINHALA

ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න අලුත් රෙගුලාසියක්

ජාතික ක්‍රීඩා සංගම් 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවසා තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය පැවසුවේ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් අද...

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...