33 C
Colombo
Sunday, May 5, 2024

සමෘද්ධිලාභීන් යොදවාගෙන ආණ්ඩුවෙන් හෙට ගුරුවරුන්ට එරෙහි උද්ඝෝෂණයක් – ස්ටාර්ලින්

- Advertisement -

සමෘද්ධිලාභීන් යොදවා ගනිමින් හෙට (18) දිනයේ ගුරුවරුන්ට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා.

ඔහු පවසන්නේ රජයෙන් සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල සාමාජිකයින් යොදවා ගනිමින් බත්තරමුල්ල දියත උයන පරිශ්‍රය ආශ්‍රිතව මෙම උද්ඝෝෂණය ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුගේ අනුග්‍රහය මත පැවැත්වීමට නියමිත බවයි.

සමෘද්ධිලාභීන් මේ පිළිබදව නිසි අවබෝධයක් නොමැති බවත්, මීට සහභාගී නොවුනහොත් තම සමෘද්ධි දීමනාව අහිමිවීමේ අවදානමක් පවතින නිසාවෙන් ඔවුන් මෙම උද්ඝෝෂණයට සහභාගීවීමට නියමිත බවත් ස්ටාර්ලින් මහතා News19 වෙත පැවසුවා.

ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව විසදනවා වෙනුවට එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එරෙහිව ආණ්ඩුව මේ වන විට විවිධ ආකාරයේ බාල ක්‍රියාමාර්ග ගුරුවරුන්ට එරෙහිව ක්‍රියාත්මක කෙරෙමින් සිටින බවත් මෙවැනි උද්ඝෝෂණ තුළින් ගුරු – විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයට බලපෑමක් නොවන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...