28.9 C
Colombo
Friday, April 26, 2024

පාසල් සුද්ද කරන්න ඇමති බන්දුලත් ඇවිත් (ඡායාරූප)

- Advertisement -

සිසුන් 200ට වඩා අඩුවෙන් ඉගෙනුම ලබන පාසල් යළි විවෘත කිරීමට රජය විසින් ගත් තීරණය අනුව, හෝමාගම ප්‍රදේශයේ පාසල් වල වර්තමාන තත්වය සම්බන්ධ නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (16) එක්ව සිටියා.

ලොව පුරා හදිසි තත්වයක් ඇති වීමත් සමඟම වසා දැමුණු පාසල්, යළිත් සිසු දරුවන් වෙනුවෙන් විවෘත කිරීමේ කිරීමට පෙර ඒ ඒ පාසැල් භූමිය හා ගොඩනැගිලි වල පවිත්‍රතා කටයුතු ආදිය සිදු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී ප්‍රදේශයේ සිසු දරුවන්ගේ දෙමව්පියන්, ඒ ඒ පාසල් වන ගුරුභවතුන් හා විදුහල්පතිවරුන් එක්ව සාකච්ඡා කෙරුණු බව ඒ මහතාගේ මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

එහිදී අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙලෙස අදහස් පලකළා.

“හෝමාගම අධ්‍යාපන කලාප‌යේ සිසු දරුවන් එකසිය හතළිහක් පමණ ඉගෙනුම ලබන දීපන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලය, වර්ෂයක කාල සීමාවක් සිසු දරුවන් පාසලට නොපැමිණීම තුළ මේ වන විට වල් බිහි වෙලා පන්ති කාමර දුර්වර්ණ වෙලා නැවත අධ්‍යාපනය ලබා දීමට සුදුසු නොවන තත්වයකට පත් වෙලා තිබෙනවා. එළඹෙන 21 වැනි දින පාසල පටන් ගැනීමට පෙර හෝමාගම ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් විසින් හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිසුන් 200ට වඩා අඩුවෙන් ඉගෙනුම ලබන සියළුම පාසල් වල පාසල් භූමි, පන්ති කාමර සකස් කිරීම සඳහා ශ්‍රමදානයක් පැවැත්වීමට කටයුතු සලසා තිබෙනවා. මෙම කටයුත්තට ඒ ඒ පාසලේ විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, ආදි ශිෂ්‍යයන් හා සිසුන්ගේ දෙමාපියන් ස්වේච්ඡාවෙන්ම සම්බන්ධ වනවා.”

එමෙන්ම මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පුරා වසර 24ක් පමණ පැවති ගුරු වැටුප් විෂමතා සම්බන්ධයෙන් එළඹෙන වසර සඳහා වන අයවැය තුළින් ස්ථිර විසඳුමක් ලබා දීමට රජයේ වගකිවයුතු පාර්ශ්වයන් කටයුතු කරන බව දැනුම් දී තිබියදීත් තවදුරටත් වර්ජනය කරමින් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය අතකොළුවක් කරගත් වර්ජන රැල්ල හුදෙක්ම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව සිදු වන්නක් වන බවයි.

කෙසේ වෙතත් පාසල් ශුද්ධ කරන මුවාවෙන් දෙමාපියන් ලවා ආණ්ඩුවේ දේශපාලඥයින් විදුහල්පතිවරුන්ගෙන් පාසලේ යතුරු ලබාගැනීමේ කූඨ උපක්‍රමයක්ද ක්‍රියාත්මක කෙරෙන බවට තොරතුරු වාර්තා වනවා.

ගුරු සංගම් චෝදනා කරන්නේ මේ වන තෙක් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට පවා නිසි ක්‍රමවේදයක් සැකසීමට අසමත්වූ ආණ්ඩුවේ දේශපාලඥයින් දැන් පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පුදුම සහගත සෙනෙහසකින් ක්‍රියාකරන බවයි.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...