31 C
Colombo
Friday, May 3, 2024

අද පාසල් ආපු නැති විදුහල්පතිවරුන්ට යළි එම පාසල භාරදෙන්නේ නැහැ – උතුරුමැද ආණ්ඩුකාරවරයා

- Advertisement -

අද (21) දිනයේ පාසල් නොපැමිණෙන විදුහල්පතිවරුන් හට යළිත් එම පාසල භාර නොදෙන බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසනවා.

ආණ්ඩුකාරවරයා සදහන් කරන්නේ ඒ වෙනුවට අද දිනයේ පාසලට පැමිණෙන පුද්ගලයා හට පාසල භාරදෙන බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස ගණනාවක් වසා දමා ඇති පාසල් අද දිනයේ වීවෘත කිරීමට රජය ගෙන ඇති තීන්දු සම්බන්ධයෙන් සොයා බලා දැනුවත්කිරීමේ හමුවක් උතුරුමැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැත්වූ බවත් එහිදී මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් දැඩි තීන්දු ගැනීමට තීරණය වූ බවත් ආණ්ඩුකාරවයා පවසනවා.

“මේක ජාතික මට්ටමේ තීන්දුවක්. මේ කරන පිකටින් එක පාසල් විවෘත කරන එකට අදාළ දෙයක් නෙවෙයි. ඒක වැටුප් පිළිබද එකක්. පාසල් අරිනවාට විරෝධතාවක් නෙවෙයිනෙ මේ ගෙනියන්නේ. එහෙම නම් හැම කෙනෙක්ම පාසලට එන්න ඕනේ. එහෙම නාවොත් අපි එනකෙනාට පාසල භාර දෙනවා. ඒක තමයි අපි තීන්දු කරලා තියෙන්නේ.

එමෙන්ම අද (21) දිනයේ පාසලට පැමිණෙන ගුරුවරුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමටත්, කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සදහා බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත් මහීපාල හේරත් මහතා වැඩිදුරටත් සදහන් කරනවා.


RECENT ARTICLES - SINHALA

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

අමාත්‍ය මණ්ඩල තීරණය අභියෝගයට ලක් කරන අයට එරෙහිව පියවර

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පවරා ඇත්තේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව බව...

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ගැන දැනුම්දීමක්

2024, ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මැයි මස 21 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කොළඹ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...