30.5 C
Colombo
Sunday, April 28, 2024

ශ්‍රී ලංකාවෙන් ලන්දේසීන්ට මතක හිටින පාඩමක්

- Advertisement -

මෙවර T20 ලෝක කුසලානය ආරම්භයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කරමින් අදහස් පළකර තිබූ නෙදර්ලන්ත කණ්ඩායමේ නායකයාට මතක සිටින පාඩමක් ඉගැන්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ මෙවර T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරගයේදී නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 08කින් පහසුවෙන් පරාජයට පත්කරමින්.

මෙහිදි ප්‍රථමයෙන් පන්දුවන පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 10ක් තුළ ලකුණු 44 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු බලඇණිය සමත්වූ අතර එය සටහන් වූයේ T20 ලෝක කුසලාන තරඟයකදී කණ්ඩායමක් ලබාගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මීට පෙර 2014 වර්ෂයේ T20 ලෝක කුසලාන තරඟාවලියේදී ද නෙදර්ලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 39 කට සියලු ක්‍රීඩකයින් දැවී ගොස් තිබුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යළිත් සාර්ථක වූ මහීෂ් තීක්ෂණ තරඟයේ තුන්වන පන්දුවාරයේදී ලකුණු 03 පමණක් ලබා දෙමින් ලබාදෙමිනි කඩුලු දෙකක් බිද හෙලිමට සමත් වුනා.

එමෙන්ම පන්දු වාර තුනක් යොමු කළ යොමුකළ වනිදු හසරංග එම පන්දුව 03 තුළදී ලකුණු 09ක් පමණක් ලබාදී කඩුලු 03ක් බිඳහෙළමින් කැපී පෙනන දක්ෂතාවයක් දැක්වූවා.

කලක පටන් පැවති වැරදි ඉතා හොඳින් හඳුනා ගනිමින් කැපී පෙනෙන දියුණුවක් පෙන්වන වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පන්දුවාර 03ක් තුළ ලකුණු 07කට කඩුලු 03ක් බිඳ හෙළුවේ එක් නිලකුණු පන්දු වාරයක් ද සමගින්.

ඔහු විසින් යොමු කළ තරගයෙන් 10 වන පන්දුවාරය එම නිලකුණු පන්දුවාරය ලෙස සටහන් වූ අතර ඔහු ලබා ගත් කඩුලු ත්‍රිත්වයද එම පන්දුවාරය තුළදීම ලබා ගැනීම විශේෂත්වයක්.

ලකුණු 45ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02 පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේ පන්දුවාර 07 පමණක් වැය කරමින්.

පන්දුවට පහර පහරදීමේදී ආරම්භක පිතිකරු කුසල් ජනිත් පන්දු 24ක් තුළ ලකුණු 33ක් ලබාගත්තේ හතරේ පහර 06ක්ද සමගින්.

ඒ අනුව කඩුලු 08ක පහසු ජයක් හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙස සුපිරි 12 දෙනාගේ වටයට පිවිසෙනු ඇතියි.

සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය එළඹෙන ඉරිදා (24) බංග්ලාදේශය සමගින් සාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීලටත් ආර්ථිකය අමාරුයි.වාහනත් විකුණලා

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සිටින බව පාර්ලිමේන්තුව...

පොලිසියේ විනය පරීක්ෂණ වාර්තාව දේශබන්දුට‍

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාරදී තිබෙනවා. විනය පටිපාටිය කඩිනම් කිරීම...

ව්‍යාජ රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 3ක් පොලිස් දැලේ

කිලිනොච්චි ප්‍රදේශයේදී ව්‍යාජ රන් කැබලි බවට සැක කැබලි තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු සමග පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...