25 C
Colombo
Tuesday, April 30, 2024

චීන ජාතික ආරක්ෂාවට තර්ජන වන චිත්‍රපට වාරණය කළ හැකි පරිදි හොංකොං හි නව චිත්‍රපට වාරණ නීතිය සම්මත කරගනියි

- Advertisement -

චීනයේ ජාතික ආරක්ෂාව උල්ලංඝනය කරන බවට සැලකෙන චිත්‍රපට තහනම් කිරීම සඳහා නව නීතියක් සම්මත කර ගැනීමට හොංකොං ව්‍යවස්ථාදායකය කටයුතු අර ඇති අතර මෙය හොංකොං භූමියේ ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ නවතම පහර බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

නීතිය උල්ලංඝනය කිරීම සඳහා වන දඬුවමට, වසර 3 ක සිර දඬුවමක් සහ ඩොලර් 130,000 ක දඩ මුදලක් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම නීති පිළිබඳ කණසල්ල පළ කරන විචාරකයින් පෙන්වා දී ඇත්තේ නව නීති සජීවි දේශීය චිත්‍රපට කර්මානතය යටපත් කිරීමට හේතු වනු ඇති බවයි.

චිත්‍රපට වාරණ නීතිය ව්‍යවස්ථාදායක සභාවේ දී අනුමත වී ඇත්තේ කිසිදු විපක්ෂ වීමකින් තොරවයි.

ජාතික ආරක්ෂාවට අනතුරක් විය හැකි ක්‍රියාකාරකම් අනුමත කිරීම, අනුබලදීම, උත්කර්ෂයට නැංවීම, දිරිගැන්වීම් කරන සහ උසිගන්වීම් කරන බව පෙනී ගියහොත් චිත්‍රපටය අවලංගු කිරීමේ බලය නගර පරිපාලනයේ දෙවැනි බලවත්ම පුද්ගලයා වන ප්‍රධාන ලේක්මවරයාට පැවරෙන අයුරින් නව නීති සම්ම්මත කර ගෙන තිබෙන බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව වැඩ පටන් අරන්.විපක්ෂයේ හතකට මත්පැන් බලපත්‍ර

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත්  හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනව බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මෙසේ...

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...