28 C
Colombo
Saturday, May 4, 2024

කරන්නාගොඩගේ චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධව රහස් වාර්තාවකට අවසර

- Advertisement -

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව නීතිපතිවරයා ඔක්තෝබර් මස13වනදා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රීට් පෙත්සම යළි කැඳවු අවස්ථාවේදියි.

මෙසේ අධි චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වන රහසිගත වාර්තාවක් ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය අද (01) නීතිපතිට අවසර ලබාදෙන ලදී.

එම කරුණු සහිත රහසිගත වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව සතුව ඇති බැවින් එය ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කල ඉල්ලීම පිළිගත් අධිකරණය විසින් මෙම අවසරය ලබා දෙන ලදි.

එම වාර්තාව අද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නීතිපතිට නියම කෙරිණ.

ඒ සම්බන්ධයෙන් වන ලිඛිත මෙම මස 03 වැනිදාට පෙර ගොනු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කෙරිණ.

හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනුකර තිබෙන අධි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අතුරුදන්වූ තරුණයන් ගේ දෙමව්පියන් හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම ඉල්ලීම කලේය.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.

සරෝජා ගෝවින්ද සාමි නාගනාදන් හෙවත් එම්.සරෝජනී පෙරේරා, ජමාල්ඩීන් ජෙනී ෆස්ලීන්ජෙනිෆර් වීරසිංහ, දොන් මර්වින් ප්‍රේමලාල් වීරසිංහ, අමීන්තුල් ජිෆ්රියා සාබ්දීන් මෙම පෙත්සම් කරුවෝ වෙති.

නීතිපතිවරයා සහ හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

නීතිපතිගේ එම තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙස ද විත්තිකාර හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යන ලෙස නීතිපතිවරයා ට බල කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

2008 අගෝස්තු 08 වැනිදාත් 2009 සැප්තැම්බර් මස 21 වැනිදාත් අතර කාලය තුළදී කොටහේන, වැල්ලවත්ත, තී‍්‍රකුණාමලය, මඩකලපුව ඇතුලූ ස්ථාන කිහිපයකදී කස්තුරු ආරච්චිගේ ජෝ රීට්, රජීව් නාගනාදන්, ප‍්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඞ් සාජිත්, ජමාල්ඞීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරුආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඞ් අලි අන්වර් නැමැත්තන් මරා දැමීමට කුමන්ත‍්‍රණය කිරීම, පැහැරගෙන යාම, අයුතු ලෙස සිරකර තැබීම, ඔවුන්ගේ දේපළ බලහත්කාරයෙන් ලබා ගැනීම, තරුණයින් අතුරුදන් කිරීමට අදාළ සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා 667ක් සම්බන්ධයෙන් නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව කොලඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම අධිචෝදනා ගොනු කර තිබුණා.

මෙම නඩුවට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායකට එරෙහිව පවරා ඇති නඩු විභාගය ඉදිරියට ගෙන යාම වළක්වාලමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම සිය අවසන් වාර්තාවෙන් නීතිපතිවරයාට නිර්දේශයක්ද නිකුත් කර තිබුණා.

එහි දැක්වුනේ මෙම නඩුව තුළින් සිය මූලික අයිතිවාසිකම් කඩවූ බවට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක යන අය තම කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ කරුණු කිහිපයක් පිළිබද අවධානය යොමුකර මෙම නිර්දේශය ඉදිරිපත් කළ බවයි.


RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...