27 C
Colombo
Wednesday, May 8, 2024

වාහන පරණයි, නිල නිවාස තෙමෙනවා, සුඛෝපභෝගී වාහන ඕනෙ – පොහොට්ටු පසුපෙළ

- Advertisement -

බලයට පත්ව වසරක්ද ඉක්මවා ගොස් ඇතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසට තවමත් රජයේ වාහනයක් භාවිතා කර නොමැති බවත් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයෙකුට ලැබිය යුතු රුපියල් 50,000ක ඉන්ධනද භාවිතා කර නොමැති බවත් බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පවසනවා.

ඒ, අද (10) දින මාධ්‍ය අමතමින්.

“මාධ්‍යවේදීන්ට ආරාධනා කරනවා යන්න මාදිවෙල නිවෙසට. උඩ වහිනකොට තෙමෙන, බාතෘම් එකේ වතුර ලීක් වෙන, මදුරුවෝ තල තලා ජීවත් වෙන තැනක තමා අපි ජීවත් වෙන්නේ. අපේ පෞද්ගලික වාහනෙන් ඇවිත් තමා මේ කටයුතු කරන්නේ. රාජ්‍ය ඇමතිවරු ගත්තත් තවම පරණ අමාත්‍යංශ වල පාවිච්චි කරපු සාමාන්‍ය වාහන ටික තියෙන්නේ. දුර ඉඳන් එන මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නවා. මේක ලේසියට හිතයි. අපි නිතරම දිස්ත්‍රික්කයට යන්න ඕනෙ, කොළඹට එන්න ඕනෙ. ඒ නිසා තමයි සුඛෝපභෝගී වාහනයක් ඉල්ලුවේ ඇමතිවරයෙකුට, රාජ්‍ය ඇමතිවරයෙකුට පාවිච්චිය සඳහා. ඒත් පරණ වාහන තමයි ඒ අය පාවිච්චි කරන්නේ.

සම්බන්ධීකරණ කමිටුවේ ඉන්න අතරේ අධීක්ෂණ මන්ත්‍රීවරු විදිහට පත්කරලා යම් දීමනාවක් පහුගිය කාලෙ දුන්නා. අවුරුද්දක් අපි ඒකත් කැපකරා. මොනවත තවත් අපිට කැපකරන්න කියන්නේ?

මන්ත්‍රීවරුන් විශාල කැපකිරීමක් කරලා තියෙනවා ඒක ජනතාව දන්නෙ නෑ. රටේ ජනතාවට පේන්නේ ජනතාව දුක් විඳිනවා කියන එක විතරයි. වාහනය BMW උනත්, මොන්ටෙරෝ උනත්, ප්‍රාඩෝ උනත් ඒක ඇතුල කචල් පිට හුරතල් වෙන්න පුළුවන්. අපි කොරෝනා එක්ක පොර බැදුවා. අපිත් ඒ කැපකිරීම කරනවා. සංවේදී විදිහට මේ කාරණාව දිහා බලන්න. ජනතාව එක පැත්තක ඉඳන් දේශපාලඳයින්ව එක පැත්තකට දාලා අපිව යක්කු විදිහට දකින එකෙයි මේ කාරණාව තියෙන්නේ.

අපි අගමැතිතුමාට සහ ජනාධිපතිවරයාට මේ ගැන කියලා තියෙනවා. කලින් වගේ නෙවෙයි මෙවර ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු හැසිරෙන්නේ කියන්න තියෙන දේ ඍජුව ආණ්ඩුවත් එක්ක කතා කරන ගමන් තමයි ආණ්ඩුව බේරගන්නේ.” යැයි ඒ මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...