27 C
Colombo
Friday, May 3, 2024

මෙවර අයවැයෙන් බඩුමිල ගැන කතාවක් නැහැ – විපක්ෂය

- Advertisement -

2022 වසර සඳහා රජය ගෙන ආ අයවැය තුළ මේ දිනවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින උද්දමනය පාලනය කිරීමට කිසිදු වැඩපිළිවෙළක් තාවකාලිකව හෝ යෝජනා නොවුණු බවට විපක්ෂය චෝදනා කරනවා.

ආහාර, ගෑස්, කිරිපිටි, ඉන්ධන, සිමෙන්ති ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හී සියලු භාණ්ඩ මිල දිනපතා වැඩිවන තත්ත්වයක් තුළදී ඒ පිළිබදව සැලකිල්ලක් නොදැක්වීම ජනතාව කෙරෙහි ආණ්ඩුව තුළ ඇති ආකල්පය පැහැදිලි වන බවයි විපක්ෂ මන්ත්‍රීවරුන් පවසන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ මෙය කෝටි තුන් ලක්ෂයකට අධික මුදලක් ණය වශයෙන් ලබාගන්නා අයවැයක් බවට පත්වී ඇති බවයි.

අයවැයෙන් පසු පැවති තේ පැන් සාදයට සහභාගි නොවී පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටව ගිය සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ ජනතාවට ප්ලේන්ටියක් හෝ නොමැති තත්ත්වයකදී තේ පැන් සාද සඳහා සහභාගි නොවන බවයි.

කෙසේවෙතත් පවතින ආර්ථික අවපාතයත් සමඟ සක්‍රයා ආවත් ජනතාවට විශේෂ සහන ලබාදීමට නොහැකි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

වතු කම්කරු පඩි වැඩිකිරීම ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩුවක්-දිගම්බරන්

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩිකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළත් වතු සමාගම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බැවින්...

මම සජබෙට ගිය කතාව බොරුවක් – අර්ජුන

හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමඟි ජන බලවේගයට එක් වු බව හැඟවෙන පුවත් පසුගිය දා පළ වී තිබුණා. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග...

පරිපාලන නිලධාරීන් අදත් වර්ජනයේ

වැටුප් විෂමතාව ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (02) ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...