33 C
Colombo
Saturday, May 4, 2024

පාස්කු ප්‍රහාරය ගැන හොයන්නෙ නැතුව ඩීල් දාගන්න එපා – අගරදගුරු

- Advertisement -

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අයත් මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්දයෙන් සාකච්ජා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අද (03) අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දැකීමට පැමිණියා.
එම හමුව පැවැත්වුණේ කොළඹ අගරදගුරු නිල නිවසේදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මඩකලපුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් අගරදගුරු හිමිපාණන් වහන්සේ දැනුවත් කළ අතර එහිදී අගරදගුරු හිමියන්ද සිය අදහස් දක්වා සිටියා.
එහිදී උන්වහන්සේ පැවසුවේ එක් කණ්ඩායමක් පමණක් ඉලක්ක කරගනිමින් පිහිටුවන විශ්ව විද්‍යාල සම්බන්දයෙන් තමන්ට එකඟ විය නොහැකි බවයි.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් ක්‍රියාත්මක වන විමර්ශන පිළිබදවද සෑහිමකට පත්විය නොහැකි බවයි.
ආරක්ෂක අංශවලින් උන්වහන්සේ ඉල්ලා සිටියේ මෙම ප්‍රහාරය සම්බන්දයෙන් නිද්‍රාශීලීව කටයුතු නොකරන ලෙසයි.
දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් ඩීල් දමා ගැනීමක් පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන්ද ක්‍රියාත්මක නොකරන ලෙසද ජනාධිපතිවරයා රජයෙන් ඉල්ලීමක් කළා.
මේ පිළිබදව ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබාදී තිබුණද එය ඉටු නොකරන්නේ නම් වෙනත් කණ්ඩායමකට මේ සම්බන්ධ වගකීම පවරන්නට සිදුවන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් කාදිනල් හිමිපානන් පවසා සිටියා.

මීට අදාල දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

දෝලාවෙන් විශ්‍රාම ගිය විදුහල්පතිනිය

0
වව්නියාව, පුදුකුලම ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාමයාම නිමිත්තෙන් ඇයට ප්‍රණාම දැක්වීමේ උළෙලක් එම විද්‍යාලයේදී සංවිධානය කර තිබුණා. එහිදී දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන් එක්වී විදුහල්පතිනියව දෝලාවකින් රැගෙන...

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...