29 C
Colombo
Sunday, May 5, 2024

මෙරට අඛණ්ඩ ඉන්ධන සැපයීම ගැන ජාතියම සතුටු විය යුතුයි – ගම්මන්පිල

- Advertisement -

ලෝකයේ බලවත් රටවල පවා බලශක්ති අර්බුදයකට මුහුණදී සිටින මොහොතක ශ්‍රී ලංකාව අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම පිළිබදව සමස්ත ජාතියම සතුටු විය යුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඊයේ (18) එම අමාත්‍යාංශයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඒ මහතා සදහන් කළේ බොරතෙල් ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති නොවන බවයි.

එම නිසා ඒ පිළිබදව අනිසි බියක් ඇති කර ගත යුතු නැති බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට විදුලිබල මණ්ඩලය විදුලිය නිෂ්පාදනයට දැවිතෙල් මිලදී නොගන්නා බවත් සීමිත ඩොලර් ප්‍රමාණයක් වැයකර ගෙන්වන ලද බොරතෙල්වලින් සකස්කළ දැවිතෙල් ටොන් 13,500 ක් භාවිතා නොකර ටැංකිවල ගබඩා කර ඇති බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසනවා.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...