29 C
Colombo
Saturday, May 4, 2024

යූරියා යනු භයානක යක්ෂයෙකු නොවෙයි..! – කෘෂිකර්ම අමාත්‍යංශය

- Advertisement -

යූරියා යනු භයානක යක්ෂයෙකු නොවෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් උදිත් කේ. ජයසිංහ මහතා පවසනවා.

ඒ, ඊයේ (21) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම, විෂය නොදන්නා පුද්ගලයන්ගේ අනවශ්‍ය මැදිහත්වීම් නිසා රජයේ කාබනික පොහොර වැඩසටහන කඩාවැටුණු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම ලේකම්වරයා,

“අපට වගාව සඳහා යූරියා දෙනවා කිව්වාම ඒකෙ ගැටළුවක් පේන්නෙ නෑ. යූරියා කියන්නෙ එහෙම භයානක යක්ෂයෙක් නෙවෙයි. ඒක භාවිතා කරන විදියයි මේකෙ තියෙන්නෙ. කොම්පෝස්ට් වල තියෙන 2% – 3%ක් පමණ වන නයිට්‍රිජන් ප්‍රමාණය මදි. හැබැයි ඒක හොඳ බේසල් එකක් පසට සාරවත් වෙන්න. යූරියා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 800 – 1000 පමණ වෙනවා. ඉතිං අපි මේ රටේ තියෙන ප්‍රශ්නෙ දන්නවා. ලෝකෙ ඕනෙම රටක යූරියා හොඳ පොහොරක් වුණාට ඒක යෙදීම සඳහා ඉතාම හොඳ එක ගැනීම අපහසුයි. මොකද මේක මුළු ලෝකෙම ගැටළුවක් වෙලා තියෙන වෙලාවක්නෙ.

දැන් අපි ඊළඟට ඒ සඳහා ඉල්ලා සිටියේ යම්කිසි ආකාරයේ රජයන් අතර හුවමාරු වැඩසටහනක් තුළින් අපේ අතිගරු ජනාධිපතිතුමාත් මැදිහත් වෙලා මේ කන්නයට ඇමෝනියම් සල්ෆේට් හරි, ඒවගේ එවැනි දේකට එමු කියලා. නයිට්‍රිජන් මෙට්‍රික් ටොන් 80,000ක් වී වගාවට ඇස්තමේන්තු කරපු එක ඉතිං දෙන්න වෙනවා. දෙන්නෙ නැත්නම් අස්වැන්න අඩුවීමක් බලාපොරොත්තු වෙන්න වෙනවා. ආහාර සුරක්ෂිතතාවය අංක 1 නම් අපි යට තියෙන අංක වලට ප්‍රමුඛතාවය දෙන්න කලින් අර උඩම තියෙන අංකය ආරක්ෂා කරගන්න ඕනෙ”

ප්‍රශ්නය – රජයෙන් හඳුන්වා දුන්න එක එතකොට සාර්ථක නැහැ කියලා පිළිගන්නවාද ?

“නෑ. ඒක සාර්ථක නෑ නෙවෙයි. මෙහෙමයි. මේ එකපාරට අපේ කරපු වැඩසටහනට දීපු වැරදි උපදේශයක් හෝ එහෙම නැත්නම් මේකෙ විෂයානුබද්ධ නොවන පුද්ගලයො ඇවිල්ලා ඒකෙ අනවශ්‍ය තැන් හයිලයිට් කරන්න ගිහිල්ලා මේ කියන වැඩපිළිවෙලත් කඩාවැටුණා”


RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...