27 C
Colombo
Monday, April 29, 2024

අයවැයට කලින් සිගරට් කම්පැණියට ලාබ ගන්න- මිලියන 3150ක ණයක් (හෙළිදරව්ව)

- Advertisement -


කතාව කෙටියෙන්ම මෙහෙමයි, සිගරට් මිලියන 55ක් ගන්නට ආණ්ඩුවේ බැංකුවකින් රුපියල් මිලියන 3150 ණයක් දෙන්න ලෑස්තියි.


අයවැයෙන් සිගරට්වල ගාණ වැඩිවෙන්න කලින්ම ඒක දැනගෙන, මහා සිගරට් තොගයක් ස්ටොක් කරලා, ඒක වැඩි මිලට විකුණලා ලාභ ලැබීමේ කතාවක් තමයි අපි මේ හෙළිදරව් කරන්නේ.


2020 අයවැය යෝජනා ඉදිරිපත් කළේ නොවැම්බර් 17 වැනිදා. ඒ අතර සිගරට් සඳහා බදු වැඩිකිරීමේ යෝජනාවකුත් තිබුණා.


නිකමට හිතන්න, කවුරුහරි සමාගමක් ඒ යෝජනාව ක්‍රියාත්මක වෙන්න කලින් සෑහෙන කාලෙකට ඇතිවෙන්න අති දැවැන්ත සිගරට් ස්ටොක් එකක් සල්ලිවලට අරගෙන, වැඩිවෙච්ච මිලට වික්කොත්.


අයවැයේ ලාභෙ යන්නෙ ආණ්ඩුවට නෙවෙයි, සිගරට් පාරිභෝගිකයටත් නෙවෙයි. සිගරට් නොබොන රටේ ඉතිරි මිනිස්සුන්ටත් නෙවෙයි. සිගරට් විකුණන ධන කුවේරයන්ට. එතකොට අර අයවැය යෝජනාව නිකම්ම සිගරට් විකුණන අය වෙනුවෙන් ගෙනාපු යෝජනාවක් වෙනවා.


ඒ නිසා අයවැය එන්න කලින්, අයවැයෙන් සිගරට් මිල වැඩි කරනවා කියන කතාව ලීක් කරලා තිබුණොත් ඒක ප්‍රශ්නයක්.


දැන් පේන විදියට වැඬේ ලීක් වෙලා.


ඒ යෝජනාව ක්‍රියාත්මක වෙන්නට කලින්, අඩු මිලට අති දැවැන්ත සිගරැට් තොගයක් මිලදී අරගෙන, වැඩි මිලට ඒ සිගරැට් විකුණලා රුපියල් මිලියන 7697ක ලාභයක් ලැබීමේ සැලසුමක් වාර්තා වෙනවා. ඒ වෙනුවෙන් ලංකා බැංකුවෙන් බිලියන 3.150ක, ඒ කියන්නේ මිලියන 3150ක ණයකුත් ඉල්ලලා. වැඬේට බැංකුවෙන් අනුමැතියත් ලැබිලා.


මේ ණයත් අරන්, සිගරට් ස්ටොක් කරලා ලාභය ලබන්නෙ ඩී.එස්. ගුණසේකර කියන කම්පැණිය. සමහරු ඩී.එස්. ගුණසේකර කියන නම බස් හින්දා දැනගෙන හිටියත්, එයාලා සිගරට් විකිණිල්ලෙන් ගොඩක් ලාභ හොයනවා. ඒ සමාගම සිගරට් ගන්නේ සිලෝන් ටුබැකෝ කම්පැණියෙන්.


දැං අයවැයට කලින් මහා සිගරට් තොගයක් ගන්න සල්ලි කොහෙන්ද කියන ප්‍රශ්නෙට තමයි ලංකා බැංකුව සරණෙට එන්නේ.


බලන්නකෝ වැඬේ, ආණ්ඩුවෙන් අයවැය ගේනවා… ආණ්ඩුවේ බැංකුවකින් ණයකුත් දෙනවා. ණය දෙන්නේ මාස හයකින් ගෙවන්නලු. මේ වැඩෙන් ලංකා බැංකුවට ලැබෙන ලාභය රුපියල් මිලියන 85ක්. ඉතින්, ඩී.එස්. ගුණසේකර කම්පැණියට ලැබෙන මිලියන 7697 ලාභෙ එක්ක ගත්තම ඒක හරි පුංචියි.


මේ ණය ඉල්ලන එකේම තියෙනවා, ඉස්සරහ මාස තුන ඇතුළත සිගරැට් මිල වැඩිවේවි කියන බලාපොරොත්තුවෙන් ණය ඉල්ලුම් කරනවා කියලා. තව තැනක තියෙනවා ඉතා ළඟ අනාගතයේදී සිගරැට් මිල වැඩිවෙන බව. ඉක්මනින් ණය අනුමත කරන්න ඕනෑ කියලත් ඒ ඉල්ලීම්වල තියෙනවා.

වැඬේ හදිස්සි නිසා අර සම්පූර්ණ ණයෙන් රුපියල් මිලියන 1000ක් දෙන්න සැප්තැම්බර් 14 වැනිදා වෙද්දීම හදිසි අනුමැතියකුත් දීලා. ඊටපස්සේ ඉතිරි 2150ට අනුමැතිය ගන්න කාලය ඉල්ලලා.


මීට කලින් ගත්ත ණයත් එක්ක ලංකා බැංකුවෙන් මේ දක්වා එයාලා අරන් තියෙන ඔක්කොම ණය වල එකතුව රුපියල් මිලියන 3807ක්. ලේසි පහසු ණය තොගයක් නෙවෙයි දීලා තියෙන්නෙ. පුංචි මිනිස්සුන්ටත් එහෙම ණය දෙනවනං.


දැං ගන්න යන සිගරට් තොගයට යන වියදමෙන් සීයට අනූවක්ම දරන්නේ බැංකුව. ඒත් බිස්නස් එකෙන් ලාභ ලබන්නේ කම්පැණිය. මරු.


දැං මේ මහා සිගරට් තොගය ගන්නේ අංක 38, විමලවත්ත පාර, මිරිහාන, නුගේගොඩ කියන තැනෙන්. සිගරට් 10,000ක් දාන්න පුළුවන් ලොකු යකඩ පෙට්ටිවල දාලා මේවා තැන්පත් කරනවා. ඒ විදියෙ ලොකු යකඩ පෙට්ටි 5560ක් ගන්නවාලු. ගෝල්ඞ්ලීෆ් පෙට්ටි 5400යි. ඩන්හිල් පෙට්ටි 160යි.


ඒ කියන්නේ සිගරට් 55,600,000ක් හෙවත් මිලියන 55ක් ගන්නවා.


ජයවේවා…….
(මෙම ලිපිය නිව්ස් 19 හෙළිදරව්වකි. උපුටා ගන්නේ නම්, ගෞරවය ලබාදෙන්න.)

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...