27 C
Colombo
Monday, April 29, 2024

ලෝකෙ වටේ ගිය ‘මැණිකේ’ ගෙදර එයි

- Advertisement -

ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසක් මෙරට පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයේ සුවිශේෂි මං සලකුණක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ.
ඒ, GPS- ටැග් කරනු ලැබූ හියුග්ලින් ගලුවියෙක් (Heuglin’s Gull) කිලෝමීටර් 20,000කට ආසන්න සංක්‍රමණ චක්‍රයක් සම්පූර්ණ කර යළි දිවයිනට පැමිණීමේ පර්යේෂණයක් මෙහෙයවමිනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායම මෙහෙය වූ මෙම විස්මය ජනක චාරිකාවේ නිරත වූ හියුග්ලින් ගලුවියා (Heuglin’s Gull) නම් කර ඇත්තේ, මැණිකේ යන අන්වර්ථ නාමයෙනි.

ඇයගේ සුරක්ෂිත පැමිණීමත් සමග අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද පක්ෂීන් අතුරින් පූර්ණ සංක්‍රමණ චක්‍රයක් අවසන් කළ ප්‍රථම පක්ෂියා ලෙස මැණිකේ ඉතිහාසයට එක්වනු ඇති.

ඒ අනුව මන්නාරම සිට යුරෝපීය ආක්ටික් කලාපය කරා පියාසර කළ මැණිකේ උතුරු සංක්‍රමණික මාර්ගය හා නැවත ශ්‍රී ලංකාවට පැමිණි දකුණු සංක්‍රමණික මාර්ගය එක්ව ගත් කළ සංක්‍රමණ චක්‍රයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 19,360 කි.

2021 අප්‍රේල් මාසයේදී මැණිකේට අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවිකිරීම (sattelite-tagging) සිදු කෙරුණේ, මන්නාරම දූපතේදී ය.

පුරා දින 20 ක් මන්නාරම දූපත සහ රාමාගේ පාලම ආශ්‍රිතව නැවතී සිටි ‘මැණිකේ’ අප්‍රේල් මස අග භාගයේදී මන්නාරමෙන් පිටත් වූ බව පර්යේෂණ කණ්ඩායම පැවසී ය.

තරමක වෙනස් මාර්ගයක් භාවිත කරමින් යමල් අර්ධද්වීපයට ළඟා වූ මැණිකේ යමල් අර්ධද්වීපයේ කැදලි තනන්නට පෙර යුරෝපියානු රුසියාවට ඇතුළු වී ඇත්තේ, යූරල් කඳු තරණය කරමිනි.

ජුනි සිට අගෝස්තු දක්වා වූ ආක්ටික්හි ග්‍රීෂ්ම සෘතුවේදී අභිජනනයේ නිරත වූ මැණිකේ, ආපසු හැරී පළමුවෙන්ම දකුණු සංක්‍රමණය ආරම්භ කරන්නේ, අගෝස්තු අගභාගයේදී ය.

ආක්ටික්හි තම ග්‍රීෂ්ම නිවහනෙන් ප්‍රථමයෙන් පිටත් වූ මැණිකේ, ශ්‍රී ලංකාවෙන් පිටත්ව මාස 06 කට සහ දින 09 කට පසු පසුගිය නොවැම්බර් 04 වැනි දින, තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවේ මන්නාරමට යළි ළඟා වූවා ය.

මැණිකේගේ මෙම ගමන තවත් සුවිශේෂී වන්නේ, ඇය ශ්‍රී ලංකාව සහ යුරෝපියානු ආක්ටික් කලාපය අතර පවතින පාරිසරික සබැඳියාවට ප්‍රථම සාක්ෂිය ද සපයන බැවිනි.

මෙම සුවිශේෂි චාරිකාව සඳහා මැණිකේ ගෙවූ කාලය සහ දුර

උතුරු සංක්‍රමණයේ දී පුරා දින 35 ක් කිලෝමීටර 7880ක දුරක් ගමන් කළ මැණිකේට දකුණු සංක්‍රමණය සඳහා දින 91 ක් ගත වූ අතර, මෙහි දී ඇය සම්පූර්ණ කළ දුර කිලෝමීටර 11,480 කි.

ඒ අනුව, මන්නාරමේ සිට ආක්ටික් දක්වා සහ නැවත මන්නාරම දක්වා දිවුණු සම්පූර්ණ චාරිකාව තුළදී මැණිකේ ගෙවා දැමූ දුර , කිලෝමීටර් 19,360 කි.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...