30 C
Colombo
Saturday, May 4, 2024

චීන ආයෝජන ‍හොඳයි – විමල් (VIDEO)

- Advertisement -

මේ රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරන ලද ආයෝජකයන්ට එක් වහලක් යට සිට කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු අනුමැතීන් හා අදාළ පහසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Smart One Stop Shop’ කාර්යාල පරිශ්‍රය ඉවහල් වනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ, ඊයේ (03) දින හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ එම කාර්යාලය පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා,

“මීට දශක ගණනාවකට පෙර කොළඹ වරාය දුටු සිංගප්පූරු ජාතිකයන් සිංගප්පූරුව ලංකාව වගේ දියුණු කිරීමට කල්පනා කළා. ඒ අනුව තමයි ඔවුන් ප්‍රධාන නාවුක කේන්ද්‍රස්ථානයක් බවට තමන්ගේ රට පත් කර ගැනීමට සමත් වුණේ. සිංගප්පූරුව නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් වුණාට ශ්‍රී ලංකාවේ අපට ඒ ජයග්‍රාහී තත්ත්වය අත්පත් කරගන්න හැකි වුණේ නැහැ. ඒ කෙසේ වෙතත් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ රජය ඉතා වැදගත් තීරණයක් ගත්තා. ඒ තමයි හම්බන්තොට ජාත්‍යන්තර තත්ත්වයේ වරායක් ඉදිකිරීම. හම්බන්තොට වරායක් ඉදි කළාම ඒක තරගකාරීව, අහිතකර ලෙස වෙනත් රටවලට බලපානවා. එසේ අහිතකර ලෙස බලපාන රටවල් කැමති වුණේ නැහැ හම්බන්තොට ජාත්‍යන්තර වරායක් ඉදි වෙනවාට. ඒ නිසා මේ අදහස බොහෝ හේතු මත යටපත් වුණා.

මහින්ද රාජපක්ෂ මැතිතුමන් එදා චීනයට ගියපු වෙලාවේ, එතුමා චීන ජනාධිපතිතුමන්ගෙන් බලවත් ඉල්ලීමක් කර තිබුණා ‘මේක මගේ ප්‍රදේශය, මේක මම ජනතාවට දුන් පොරොන්දුවක්. මේක මට කරන්නම උවමනායි. ඒ නිසා හම්බන්තොට වරාය ඉදි කිරීමේ යෝජනාවත් සාකච්ඡා සඳහා ඇතුළත් කරන්න’ කියා. කවර හෝ හේතුවක් නිසා අපේ රටේ නිලධාරීන් ඒ යෝජනාව හැලුවත් චීන ජනාධිපතිතුමන් එවලේම මෙම යෝජනාව සාකච්ඡාවට ගෙන හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා මූල්‍යාධාර සලසාදීමට තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

පසුගිය ආණ්ඩුව විසින් HIPG සමාගමට 99 අවුරුද්දකට බදු දුන්නා. අපි දන්නවා මේ වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය වාරිකය, පොලිය ආදී සියල්ල අදටත් ගෙවන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනුයි. ඒකෙන් පෙනෙනවා, හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියට බරක් නොවෙයි, කියා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලාභ ලබන ආයතනයක්. හම්බන්තොට වරාය සඳහා ගත් ණය ගෙවීමට හැකියාව තිබියදී තමයි කුමන හේතුවක් නිසා හෝ පැවති පාලනය ඉහත තීරණය ගෙන තිබුණේ.

‍රටේ ප්‍රධානම අවශ්‍යතාවක් තමයි ඩොලර් ආදායම උපදවන්න පුළුවන් ව්‍යාපෘති සඳහා වැඩි වැඩියෙන් යොමු වීම. අද චීනය ගැන බොහෝදෙනා විවිධ මත පළ කරනවා. නමුත් ඒ කවර මත පළ කළත් අපි දන්නවා චීනයේ බොහෝ ආයෝජන අපට ඩොලර් ආදායම උපදවාදෙන ආයෝජන මිසක් අපේ රටින් එළියට ඩොලර් ඇදගෙන යන ආයෝජන නොවෙයි කියා. කොළඹ වරාය නගරය නිසි පරිදි ක්‍රියාත්මක වුණාම උපදවන්නේ අපේ රටට ඩොලර් ආදායම මිසක් වෙන කිසිවක් නොවෙයි. එහි බදු මගින් ද අප උපයාගන්නේ ඩොලර් මිසක් වෙන යමක් නොවෙයි. මේ හම්බන්තොට වරාය වුවත් එහි සම්පූර්ණ සේවා සපයන තත්වයට පත් වුණාට පසුව මේ රටට උපයා දෙන්නේ විදේශ විනිමය මිස අන් යමක් නොවෙයි.

රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව. සමහර අනුමැතීන් ලබා ගැනීම සඳහා සති ගණන් නොවෙයි මාස ගණන් බලාගෙන ඉන්න වෙනවා. ඒ ගැටළුව හැකි පමණ අවම කිරීම සඳහා, එනම් ඉහත ක්‍රියාදාමය හැකි පමණ කාර්යක්ෂම කිරීම සඳහා තමයි අපි කල්පනා කළේ හම්බන්තොට වරාය ඇසුරුකොටගෙන අනාගතයේ ඉදිවන කර්මාන්ත කලාප තුළ අපනයනය ඉලක්ක කරගත් මහා කර්මාන්ත ශාලා සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානයක් කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අරඹන්න.

අප මෙම අදහස ඉදිරිපත් කළාම මෙම කාර්යාල පරිශ්‍රය නොමිලේ ලබා දීමට තීරණය කළ, ඒ වගේම තවත් බොහෝ සම්පත්වලින් අපට දායකත්වය ලබාදීමට උනන්දු වූ ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගමේ (HIPG)’ ප්‍රධාන විධායක මා හිතවත් ජොන්සන් ලියූ (Johnson Liu) මැතිතුමා ඇතුළු එහි කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය පුද කර සිටිනවා. එමගින් පෙනී ගියේ ඔවුන් ද මෙම පහසුකම් සැපයීමේ අවශ්‍යතාව ඉහළින් පිළිගෙන තිබූ බවයි. විදේශ ආයෝජකයන් පමණක් නොවෙයි දේශීය ආයෝජකයන් ද මෙම කර්මාන්ත කලාපය අශ්‍රිතව ආයෝජනය කරනවා. ඔවුන්ට ඇතැම්විට තිබෙනවා මෙම HIPG ආයතනය සමඟ විසඳාගත යුතු ගැටළු. අතරමැදියකු ලෙස මැදිහත්වී එම ගැටළු විසඳීමේ සම්බන්ධීකරණ කටයුතු ද මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයෙන් ඉටු කර දෙනවා.”

මෙහිදී මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය වත්වාගෙන යාම පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය(IDB) සහ HIPG ආයතනය අතර ගිවිසුමකට අත්සන් තැබීම ද සිදුවිය.

මෙම අවස්ථාවට HIPG ආයතනයේ ප්‍රධාන විධායක ජොන්සන් ලියූ මහතා ඇතුළු එහි සෙසු විධායක නිලධාරීහු ද කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් (කර්මාන්ත සංවර්ධන) චමින්ද පතිරාජ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.


RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...