33 C
Colombo
Saturday, May 4, 2024

කබ්රාල්ට විශාල විශ්‍රාම වැටුපක් සමඟ ලක්ෂ 4ක මාසික වැටුපක්

- Advertisement -

සිය දෙවන ධූර කාලය ගෙවමින් සිටින අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු වත්මන් සහ හිටපු අධිපතිවරුන් සඳහා අලුතින් අනුමත කරන ලද හිඟ විශ්‍රාම වැටුප් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 7 ක මුදලක් ලබා දී ඇති බව නිල ආරංචි මාර්ග පවසන බව ද සන්ඩේ ටයිම්ස් වාර්තා කරනවා.

කබ්රාල් මේ වන විට ඔහුගේ පෙර වැටුපෙන් 74%ක් විශ්‍රාම වැටුප ලෙසත්, මසකට රුපියල් 400,000ක් බැගින් වත්මන් වැටුප ලෙසත් ලබමින් සිටින අතර එය ඔහුට පෙර ධූරය හෙබවූ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගේ වැටුප වන රුපියල් 150,000ට වඩා පැහැදිලි වැඩිවීමකි. එමෙන්ම බැඳුම්කර වංචා චෝදනා මත ධූරයෙන් ඉවත් වූ අර්ජුන මහේන්ද්‍රන් හට මසකට රුපියල් 70,000ක් හිමිවූ අතර නව විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් ඔහුව ඉවත් කරන ලදී.

2021 සැප්තැම්බර් මාසයේදී මහබැංකු අධිපති ලෙස වැඩ භාරගත් කබ්රාල් මහතාට නව වැටුප පදනම් කරගෙන ඔහුගේ මීළඟ විශ්‍රාම වැටුප ලැබෙනු ඇත. හිඟ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් ඔහුට ගෙවා ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි. ඔහුගේ පත්වීමට ඉඩ සලස්වමින් විශ්‍රාම යාමට සැලැස්වූ ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා මහ බැංකුවේ වසර දෙකක් පමණක් සේවය කර ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් ද ලබයි.

RECENT ARTICLES - SINHALA

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

රනිල් – බැසිල් හමුවක් අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (04) සිදුවීමට නියමිතව තිබෙනවා. එම හමුව අද පස්වරු 4.30ට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...