26.6 C
Colombo
Wednesday, May 15, 2024

අදහස් වෙනස් නම් ඉවත් වෙන්න..! – ජනපතිගෙන් ඇමතිවරුන්ට දැඩි ප්‍රකාශයක්

- Advertisement -

කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අය සාමූහික වගකීමක් තුළ ගන්නා කැබිනට් තීන්දු තිරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් එය කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටියදී නොකර ඉන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

ඒ, මාධ්‍ය ආයතන ප්‍රධානින් සමඟ ජනාධිපති නිල නිවෙසේදී ඊයේ (27) පැවති හමුවක් අමතමින්.

කෙසේ නමුත් කැබිනට් මණ්ඩල සාමුහික වගකීමක් තුළ ඉන් වියුක්ත මතයක් දැරු පමණින්ම ඔවුන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ජනාධිපතිවරයා පවසනවා.

ඉකුත් ප්‍රේමදාස ආණ්ඩු සමයේ ද සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් ලලිත් ඇතුළත්මුදලි සහ ජී.එම්. ප්‍රේමචන්ද්‍ර යන අමාත්‍යවරුන්ට එරෙහි ව මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා විසින් නඩු තීන්දුවක්ද ලබා දී ඇති බවත් ජනපතිවරයා එහිදී සිහිපත් කළා.


RECENT ARTICLES - SINHALA

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා-වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ඇස්ට්‍රාසෙනෙකා - කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නොවන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා...

වීසා ගැටලුව ගැන සාකච්ඡාවට නිළධාරීන් ගිහින් නැහැ

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද...

රජයේ දේපළකට අයුතු ලෙස ඇතුළු වු 14දෙනා රිමාන්ඩ්

රජයේ දේපොළකට අයුතු ලෙස ඇතුළු වූයේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 14 දෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...