32 C
Colombo
Wednesday, May 15, 2024

පුවත්පත් කතුවරුන් ඉදිරියේ ජනපති නහයෙන් අඬයි

- Advertisement -

විද්‍යාත්මක පදනමක් ඔස්සේ උගත්, බුද්ධිමත්, වියත් පිරිසක් අමාත්‍යංශවල හා සංස්ථාවල මුල් පුටුවලට පත් කළ ද ඉන් බහුතරයම තම වගකීම් ඉටු කිරීමේදී අසාර්ථක වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පුවත්පත් කර්තෘවරු සමග ජනාධිපති නිල නිවෙසේදී ඊයේ (27) පැවති හමුවකදී ජනාධිපතිවරයා අනාවරණය කළේ, සංස්ථා සභාපතිවරුන් හා අමාත්‍යංශ ලේකම්වරුන් රාජකාරිමය වශයෙන් කටයුතු කිරීමේදී ඔවුන් අනුගමනය කළ ක්‍රියාකලාපවල සමතුලිතභාවයක් නොතිබූ බවයි.

තීන්දු තීරණ ගැනීමේදී ඒවා ක්‍රියාත්මක කිරීමේදී හා අමාත්‍යවරුන් සමග පැවති ගනුදෙනුවේදී පවා ඔවුන්ගේ ප්‍රායෝගික බවක් නොතිබූ බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.

තමා ජනාධිපති ධූරයෙහි වගකීම් භාර ගන්නා සමයෙහි විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් සමග සෞභාග්‍යයේ දැක්ම අනුව සැලසුම් සකස් කළද කිසිවෙකුත් නොසිතූ අයුරින් කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමග ආර්ථිකය ඇතුළු සමස්තය කඩා වැටුණු බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් ඉදිරියේ සදහන් කළා.

වසරකට සංචාරක කර්මාන්තය තුළින් ලැබූ අමෙරිකානු ඩොලර් බිලියන 5ක ආදායම, භාණ්ඩාගාර බිල්පත් තුළින් ලැබූ අමෙරිකානු ඩොලර් බිලියන 5ක ආදායම, අපනයනය තුළින් ලද දැවැන්ත ආදායම, රට රැකියා කරන පිරිස් වෙතින් ලැබෙන ආදායම ආදී රටට ඩොලර් ගලා එන ආදායම් මාර්ග සියල්ල මේ වන විට අවහිර වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.

කොවිඩ් වසංගතයට පෙර ඩොලර් බිලියන 7ක විදේශ සංචිත ප්‍රමාණයක් මෙරට සතු වූ බව ද, එවකට සිටි මහ බැංකු අධිපතිවරයා කොවිඩ් හේතුවෙන් ආදායම් මාර්ග කඩා වැටීමට ඉඩ ඇති නිසා ඩොලර් සංචිත ප්‍රමාණය හිඟවනු ඇතැයි බලධාරීන් තමාට අනතුරු ඇඟවූ බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළා.

හඳුනා ගත් සූර්ය බල මොඩියුල 7000 අතරින් 800ක් පිළිබඳව ප්‍රචාරණයකොට දැන්වීම් පළ කළ ද ආයෝජකයන් ඉදිරිපත් වූයේ එයින් 150ක් වැනි සුළු ප්‍රමාණයක් සඳහා පමණක් බව ද ජනපතිවරයා පවසා සිටියා.

පුනර්ජනනීය බලශක්ති භාවිතය පිළිබඳව ජනතාව නිසි අයුරින් දැනුවත් කිරීමට නිලධාරීන් උනන්දු නොවීම සම්බන්ධයෙන් ජනපතිවරයා සිය කනස්සල්ල පළ කළා.

තමා කිසිදු විටෙක එකවර ම කාබනික ගොවිතැන සඳහා යොමු වීම පිණිස බලපෑමක් නොකළ බව ද කාබනික ගොවිතැන සම්බන්ධයෙන් පැවති සාකච්ජාවලදී රසායනික පොහොර 70%ක් ලෙස ත් කාබනික පොහොර 30%ක් ලෙස ත් යොදා වගා කිරීමට කතා බහ කළ නමුත් වසරක් අවසානයේ එහි ප්‍රගතිය පරීක්ෂා කිරීමේදී පොහොර වර්ග ද්විත්වය ම එකවර යොදා ගනිමින් ඒවා මිශ්‍ර කොට ගොවිතැන් කිරීමට නිලධාරීන් කටයුතු සලස්වා ඇතැයි හෙළි වූ බව ද ජනපතිවරයා මෙහිදී පැවසුවා.

“මට මේ වැඩේට කෘෂිකර්ම අමාත්‍යංශය ඇත්තෙන් ම සහයක් දුන්නේ නැහැ. මේ කොම්පෝස්ට් පොහොර නෙවේ හදන්නේ. එයට එහා ගිය දෙයක්. හරිත කෘෂිකර්මාන්තය කියන්නේ මගේ එක අරමුණක්. ඒක අසාර්ථක කරන්න දෙන්න එපා,” යැයිද ජනාධිපතිවරයා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළා.

මේ අතර පසුගිය දා ආන්දෝලනයට තුඩුදුන් චීන පොහොර නැව ගැන කර්තෘවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා පැවසුවේ එම නැව ගෙන්වීමේදී ක්‍රියාත්මක කළ ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන් ම වැරදි බවයි.

අදාළ සාම්පල පරීක්ෂා කිරීම නැව මෙරටට ගෙන්වීමට පෙර නිසියාකාරව කළ යුතු දෙයක් බවත් ජනාධිපතිවරයා පවසා සිටියා.

ණයවර ලිපි නිකුත් කිරීමෙන් පසු මෙලෙස භාණ්ඩ ආපසු හරවා යැවීම ජාත්‍යන්තර ගැටලුවකට තුඩුදිය හැකි කරුණකැයි ජනපතිවරයා එහිදී අවධාරණය කළා.

ජනතා හිතවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළද, එම ප්‍රතිපත්ති පිළිබඳව හා ඒවා වෙනුවෙන් කරන කැප කිරීම ජනතාව අතරට ගොස් නැතැයි ද ජනපතිවරයා මෙහිදී සදහන් කළා.

එම ප්‍රතිපත්ති පිළිබඳව ඇමතිවරු හා නිලධාරීන් විවිධ තර්ක ගොඩනඟමින් සිටිනවා විනා ඒවා පිළිබඳව නිසි ලෙස ජනතාව දැනුවත් කිරීමට කටයුතු නොකරන බවට ජනපතිවරයා චෝදනා කර සිටියා.

එතනෝල් ආනයනය සීමාකොට, ගම්මිරිස්, බුලත්, තේ, රබර්, පොල් ආදියෙන් විශාල ආදායම් ලැබුව ද, සීනි නිෂ්පාදනයෙන් ආදායම් ලැබුව ද, විදේශීය ටයිල් ආනයනය සීමාකොට දේශීය ටයිල් නිෂ්පාදනය ඉහළ නැංවුව ද ඒ පිළිබඳව කිසිවෙකුත් අවධානය යොමු නොකරන බව ද අමාත්‍යවරුන් පවා ඒ පිළිබඳව ඇගයීමක් පවා සිදු නොකරන බව ද ජනපතිවරයා සිය කණස්සල්ල යළි යළිත් පල කළා.


RECENT ARTICLES - SINHALA

මහජන උපයෝගිතා කොමිසමේ ලොක්කෝ එළවන්න සේවකයෝ පාරට බැහැලා

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වත්මන් සභාපති ඇතුළු සාමාජිකයින්ගේ ධූර කාලය දිගු නොකරන ලෙස ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ආණ්ඩුක්‍රම ව්‍යස්ථා...

ඕලෙවල් ලියන අයට නිදහස් ලකුණු දෙකක්

පැමිණිලි ලැබුණු අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විද්‍යා...

හමුදාපතිට අපහාස කළ බව කියන නාලිකාවකට ඔන්ලයින් පනතෙන් තහනමක්

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය හා අපහාසාත්මක වීඩියෝ හා ප්‍රකාශ බෙදා හැරීම වළක්වාලමින් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයකුට හා යු ටියුබ්  නාලිකාවට එරෙහිව තහනම් ආඥාවක් නිකුත්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...