30.5 C
Colombo
Sunday, April 28, 2024

SLIIT හි ‘SICASH 2021’ වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය උත්කර්ෂවත් අයුරින් අවසන් විය

- Advertisement -

SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය සිය වාර්ෂික ‘විද්‍යා සහ මානව ශාස්ත්‍රවල දියුණුව පිළිබඳව පවත්වනු ලබන SLIIT ජාත්‍යන්තර සම්මන්ත්‍රණය’ (SICASH 2021) නොකඩවා දෙවන වරටත් මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ පසුගියදා පවත්වන ලදී. SICASH යනු දේශීය සහ ජාත්‍යන්තර ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල කීර්තිමත් සහ නැගී එන විද්වතුන් සඳහා ස්වභාවික හා සමාජීය විද්‍යාවන්හි විෂය-විශේෂිත සහ විවිධ වූ පර්යේෂණ ප්‍රදර්ශනය කිරීම සඳහා වන වේදිකාවකි.

‘මනුෂ්‍යත්වයේ දියුණුව සඳහා පර්යේෂණ’ යන තේමාව යටතේ සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණයට නීතිය, අධ්‍යාපනය, ස්වභාවික විද්‍යාව, ගණිතය සහ සංඛ්‍යාලේඛන, ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය, හෙද සේවය සහ මනෝවිද්‍යාව යන විෂයයන් හතක් ඇතුළත් විය.

SICASH සම්මන්ත්‍රණයට ඉදිරිපත් කිරීම සඳහා පර්යේෂකයන් විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් වීමත් සමඟ පර්යේෂණ ප්‍රජාව තුළ සැළකියයුතු උනන්දුවක් ඇතිවී තිබිණි. සම්මන්ත‍්‍රණයට ඉදිරිපත් කරන ලද පත‍්‍රිකාවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා 150කට අධික පුහුණු විශේෂඥ මණ්ඩලයක් විසින් එය දැඩි සමාලෝචනයකට ලක් කරනු ලැබූ අතර ඉන් ඉදිරිපත් කිරීම සඳහා තෝරාගනු ලබන්නේ ඉහළම ප‍්‍රමිතියේ පත‍්‍රිකා පමණි. SICASH 2021 හි සමාලෝචනය කරන ලද පත්‍රිකා ඉදිරිපත් කිරීම් 89ක් ඇතුළත් වූ අතර, සහභාගීවූවන්ගේ සිත් අද බැඳ ගනිමින් ඔවුන්ව සංවාද වල නිරත කරමින් ශාස්ත්‍රීය ආයතනවල පර්යේෂකයන් සහ උපදෙස් හා අදහස් සපයන විශේෂඥ මණ්ඩලයක් විසින් වෘත්තිකයන් සමඟ දැනුම හුවමාරු කර ගත්හ.

SICASH හි සැබෑ ශාස්ත්‍රීය විෂයයන් හා වෘත්තීය විශේෂීකරණය ඉස්මතු කරමින් විවිධ විෂය ක්ෂේත්‍රවල මාතෘකා පිළිබඳ අවබෝධයක් සහ උනන්දුවක් ඇති කරවමින් සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශන ප්‍රකට දේශකයන් හතර දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලදී. බටහිර සිඩ්නි විශ්වවිද්‍යාලයට (Western Sydney University) අනුබද්ධ සහකාර මහාචාර්යවරයකු වන සිරි ගමගේ මහතා විසින් ‘අධ්‍යාපනය සහ පර්යේෂණ තුළින් දැනුම ගොඩනැගීම හා දකුණු ලෝකයේ යටත් විජිතවාදී ඉදිරි දර්ශනය’ යන මාතෘකා පිළිබඳව සිය ප්‍රධාන දේශනය පවත්වනු ලැබීය. ඇලබාමා විශ්වවිද්‍යාලයේ (University of Alabama) මහාචාර්ය ජේම්ස් කෝචර්න් විසින් ‘උපරිම තත්ත්වයන් යටතේ දත්ත රැස්කිරීමේ දුෂ්කරතා’ පිළිබඳව විස්තර කළේය.

එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයේ (University of York) ආචාර්ය බිමාලී ඉන්ද්‍රරත්න විසින් ‘භාෂා විද්‍යා පර්යේෂණවල අද්භූත නොවන ප්‍රජාවන්ගේ අඩු නියෝජනය සහ පර්යේෂණ සොයාගැනීම් පිළිබඳ ප්‍රවේශ’ යන මාතෘකාව යටතේ අදහස් දැක්වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ස්වාත්මෝ (Swarthmore) විද්‍යාලයේ මහාචාර්ය ජේන් මැරකෙක් විසින් ‘අනාගතයේ කෙටි ඉතිහාසයක්: ශ්‍රී ලාංකික මනෝවිද්‍යාව වයසට පැමිණ ඇත.’ යන මාතෘකාව පිළිබඳව දේශනය පවත්වනු ලැබූහ.

RECENT ARTICLES - SINHALA

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

ලංකාවේ මරණ වැඩිවෙලා

2020 වසරේ සිට මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ අඩුවක් මෙන්ම මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් නීතිඥ...

මන්ත්‍රීලටත් ආර්ථිකය අමාරුයි.වාහනත් විකුණලා

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සිටින බව පාර්ලිමේන්තුව...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...