29 C
Colombo
Tuesday, May 7, 2024

රජය රන් සංචිත විකුණූ බව හෙළිවේ

- Advertisement -

මෙරට රන් සංචිතයේ වටිනාකම පසුගිය 2021 දෙසැම්බර් මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 206.8 කින් පහළ ගොස් තිබෙනවා.

2021 නොවැම්බර් අවසානයේ දී රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් සටහන්ව ඇති අතර එය 2021 දෙසැම්බර් මාසය අවසානයේ දී ඩොලර් මිලියන 175.4 ක් දක්වා ඒ අනුව අඩුව තිබෙනවා.

ඒ අනුව, ඩොලර් මිලියන 206.8ක් වටිනා රත්‍රං මහ බැංකුව විසින් අලෙවි කර ඇති අතර, රන් සංචිතය 54%කින් පහත වැටී ඇති බවයි මහ බැංකුවේ නවතම දත්ත මඟින් අනාවරණ වන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ රත්‍රන් වල වටිනාකම ද අන්තර්ගත වනවා.

රජය විසින් මෙරට රත්‍රන් සංචිත විකුණා ඇති බවට පසුගිය කාලය තුලදි විවිධ පාර්ශ්ව විසින් චෝදනා එල්ල කර සිටියා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.588 සිට ඩොලර් බිලියන 3.137 ක් දක්වා පසුගිය දෙසැම්බර් මාසය තුළ දී වැඩිව තිබෙනවා.

එහිදී විදෙස් මුදල් සංචිතය ඩොලර් බිලියන 1.014 සිට ඩොලර් බිලියන 2.770 ක් දක්වා වර්ධනය වී ඇති බවයි ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ.

මෙලෙස විදේශ සංචිතය ඉහළ යාමට චීන මහජන බැංකුව මගින් ස්වැප් හෙවත් විනිමය හුවමාරු ක්‍රමය ලබාදුන් ඩොලර් බිලියන 1.5ක් පමණ වූ මූල්‍යාධාරය ද ඉවහල් වී ඇති බවත් පැවසෙනවා.


RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...