27.8 C
Colombo
Sunday, April 28, 2024

චීන යකඩ සපත්තුවට පෑගෙන ටිබෙටයේ බොදු උරුමය

- Advertisement -

ටිබෙට් දේශයේ බෞද්ධ ආගමට හා සංස්කෘතියට එරෙහිව චීනය ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළේ තවත් අදියරක් පසුගියදා ක්‍රියාවට නැංවුණා.

ඒ ඇෆ්ගනිස්තානයේ තලේබානුවන්ට පසුව ලොව සිදු වූ බවට සැලකිය හැකි විශාලතම බුද්ධ ප්‍රතිමා සංහාරය සිදු කරමින්.

චීනයේ සිචුවාන් පළාතේ බලධාරීන් එලෙස විනාශ කර දැමුවේ බෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ ප්‍රාන්තයේ ඉදිකර තිබූ විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාවක්.

අඩි 99ක් උස මෙම බුද්ධ ප්‍රතිමාව කඩා දමා ඇත්තේ ඉතා උසින් ඉදි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත බවයි ටිබෙට් ආරංචි මාර්ග උපුටා දක්වන RFA ප්‍රවෘත්ති සේවාව වාර්තා කළේ.

ප්‍රතිමාවට අමතරව භික්ෂූන් වහන්සේ සහ බැතිමතුන් වන්දනා මාන කටයුතු සඳහා භාවිත කරන එම පරිශ්‍රයේ තිබූ වෙනත් ඉදිකිරීම්ද කඩා ඉවත් කර තිබෙනවා.

මෙම බුද්ධ ප්‍රතිමාව කඩා ඉවත් කර ඇතිබව චන්ද්‍රිකා ඡායාරූප මඟින්ද තහවුරු වුණා.

ප්‍රතිමාව විනාශ කිරීමට පෙර එම ආශ්‍රමයේ වැඩ සිටි භික්ෂූන් වහන්සේ පොලිසියට කැඳවා දින 15ක් පමණ රඳවා තබා ගෙන ඇති අතර පිළිමය විනාශ කරන අයුරු බලා සිටීම ඔවුන්ට අනිවාර්ය කර තිබෙනවා.

RFA පුවත් සේවය වාර්තා ⁣කළේ භික්ෂූන් වහන්සේ කඳුලු වගුරවමින් ඒ දෙස බලා සිට් බවයි. එහි නොපැමිණෙන භික්ෂූන් වහන්සේට දැඩි දඬුවම් පමුණුවන බවටද චීන බලධාරීන් තර්ජනය කර තිබූ බව සඳහන්.

මෙම විශාල.බුදු පිළිමය කඩා ඉවත් කිරීම සඳහා දින 9ක කාලයක් ගත වී ඇති අතර චීන බලධාරීන් තෝසම් ගැටසෙල් ආරාමයේ භික්ෂූන් වහන්සේලාට සහ චුවාර් සහ අවට නගරවල වෙසෙන ටිබෙට් ජාතිකයින්ට කඩා බිඳ දැමීම නැරඹීමට බල කළ බව ද වාර්තා වනවා.

වෙනත් ගම්මානවල ප්‍රාදේශීය ටිබෙට් ජාතිකයින්ට ද කඩා ඉවත් කිරීම නැරඹීමට පැමිණීමට බල කෙරුණු බවත් ඔවුන් ඡායාරූප හෝ වීඩියෝ නොගැනීම හෝ කලබල ඇති නොකිරීමට වග බලා ගැනීම සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එහි යොදවා තිබූ බවත් අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ ටිබෙට් ජාතිකයෙක් විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා.

යුවාන් මිලියන 400ක වියදමින් 2015 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙම බුද්ධ ප්‍රතිමාවේ ඉදිකිරීම් අවසන් කර තිබෙනවා. එය ඉදිකර ඇත්තේ භූමිකම්පාවක් සඳහාද ඔරොත්තු දෙන ආකාරයටයි.

ප්‍රතිමාව විනාශ කෙරුණේ එහි ඉදිකිරීම් සඳහා චීන හා ටිබෙට් ප්‍රාදේශිය බලධාරීන් අනුමැතිය ලබා දී තිබූ පසුබිමක වීමත් විශේෂත්වයක්.

චීනයේ සැබෑ අභිප්‍රාය ආගම හා සංස්කෘතිය මුලිනුපුටා දමා ටිබෙට් අනන්‍යතාව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීම බව ⁣ඩ්‍රැගෝහි පදිංචිකරුවන් පවසනවා.

චීන කොමියුනිස්ට් පාලනය 1959 දී ටිබෙටය යටත් කර ගත් අතර එවක පටන් බුදු දහම පදනම් කරගත් ටිබෙට් සංස්කෘතිය වැනසීමට චීනය විවිධ මර්දනකාරී ක්‍රියාමාර්ග දියත් කළා.

ඒ ය⁣ටතේ බෞද්ධ ආශ්‍රම කොල්ලකා විනාශ කොට භික්ෂූන් වහන්සේ පලවා හරිනු ලැබුවා.

ටිබෙට් වැසියන් පවසන පරිදි එරට ආශ්‍රමවලින් 90%ක් පමණම චීන මර්දකයින් විසින් කොල්ල කා විනාශ කර තිබෙනවා.

එහි තිබූ ඉපැරණි ප්‍රතිමා හා ගොඩනැගිලි රැසක්ද ලොවේ දෑසින් වසන් වූණා.

මර්දනයේ තවත් පියවරක් ලෙස වයඹ දිග චීනයේ Qinghai පළාතේ ආරාමවලින් තරුණ ටිබෙට් භික්ෂූන් වහන්සේ බලහත්කාරයෙන් නැවත සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට බලධාරීන් කටයුතු කළේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදියි.

මෙය ටිබෙට් සම්ප්‍රදායික ආගම හා සංස්කෘතිය සමග තරුණ ප්‍රජාව අතර ඇතිවන සම්බන්ධතාවය බිඳ ⁣දැමෙන පියවරක් ලෙස මෙය සැලකුණා.

ටිබෙටයේ ඓතිහාසික ආරාමයක් වන Qinghai පළාතේ දිට්සා ආරාමයෙන් වයස අවුරුදු 11 -15ත් අතර භික්ෂූන් වහන්සේ නෙරපා හැර ඇතැයි ආරංචි මාර්ග RFA වෙත පවසා තිබුණා. Qinghaiහි තවත් ආරාමවල තරුණ භික්ෂූන් වහන්සේ සිවුරු අරවා නිවෙස්වලට පිටත් කර යවා ඇතැයි නම හෙළි නොකළ ආරංචි මාර්ග RFA වෙත පවසා තිබෙනවා.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක වන්නේදැයි පරික්ෂා කිරීමට ආණ්ඩුවේ බලධාරීන් ආරාමවලට පැමිණෙන බව ද සඳහන්. නව රෙගුලාසි පසුගිය ඔක්තෝබර් 20 සිට ක්‍රියාත්මක අතර මේ දක්වා නිවෙස් වෙත පිටත් කර හැරි තරුණ භික්ෂූන් වහන්සේ පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත නිල වශයෙන් ඉදිරිපත් කර නැහැ.

මෙසේ නිවෙස් වෙත පිටත් කර යැවුණාට පසු නැවත් සිවුරු දැරීමට හෝ ආරාම වෙත පැමිණිමට නොහැකි බව දැනුම් දී ඇතත් ඔවුන්ට යළි රජයේ පාසල්වලදී අධ්‍යාපන කටයුතුවල නිරත විය හැකිද යන්න පැහැදිලි නැහැ. මේ කිසිවෙක් හෝ බලහත්කාරයෙන් භික්ෂූත්වයට පත්ව නොමැති අතර ඒ සඳහා මාපිය අනුමැතිය ලැ⁣බී තිබෙනවා.

නව රෙගුලාසි මගින් බාලවයස්කාරයන් පැවිදි කිරීම හෝ ආගමික කාර්යයන් සඳහා සම්බන්ධ කරගැනීම මුලුමනින්ම තහනම් කර ඇති නමුත් පැවිදි දිවියට ඇතුලත් වියහැකි වයස කුමක්දැයි නිශ්චිතවම සඳහන් කර නැහැ.

අසල්වැසි සිචුවාන්හි ටිබෙට් ජනතාව වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශවල ආරාම වලින් තරුණ භික්ෂූන් වහන්සේ නෙරපා හැරීම තෙවසරකට පමණ පෙර ආරම්භ වුණා. කෙසේ වෙතත් එම දරුවන්ට යළි රජයේ පාසල්වලදී අධ්‍යාපනය ලැබීමට අවසර හිමි වුණා.

සාම්ප්‍රදායික ටිබෙට් සංස්කෘතික සහ ජාතික අනන්‍යතාවයේ කේන්ද්‍රස්ථානයක් වන ටිබෙට් බෞද්ධ ආරාමවල ප්‍රමාණය සහ බලපෑම සීමා කිරීමට චීන බලධාරීන් දිගු කලක් තිස්සේ උත්සාහ කරන බව රහසක් නොවේ.

ලාසා අගනුවර සම්මත කළ රෙගුලාසියකට අනුව 2018 සිට වයස අවුරුදු 18ට අඩු දරුවන් පැවිදි කිරීම තහනම් කරනු ලැබුවා. එවැනි රෙගුලාසි වෙනත් පළාත්වල බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීම ටිබෙට් ආගම සහ සංස්කෘතිය තවදුරටත් මුලිනුපුටා දැමීමේ ව්‍යාපෘතියේ කොටසක් බව ඉන්දියාවේ පිහිටි ටිබෙට් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය පෙන්වා දෙනවා.

බුදුදහම ටිබෙටයේ ප්‍රමුඛ ආගම වන අතර එරට කලාව, සංගීතය හා උත්සව ආදී සෑම අංගයකටම පදනම වී තිබෙනවා.

ටිබෙට් ජාතිකයන් තමන්ගේ සංස්කෘතියෙන් වෙන් කිරීම සඳහා චීනය බරපතල ලෙස ඔවුන්⁣ගේ ජන ජීවිතයට සහ භාෂාවට බලපෑම් එල්ලවන නීති පනවන බවට ටිබෙට් පිටුවහල් ර⁣ජයේ නියෝජ්‍ය කතානායක Dolma Tsering පසුගියදා චෝදනාවක්ද එල්ල කළා.

වාර්ගික සුලු ජාතීන් 56ක් පමණ විසුවත් ඔවුන්ගේ පූජනීය සම්ප්‍රදායන්ගේ අයිතියට පිළිගැනීමක් ලබා නොදෙන චීනයේ අපේක්ෂාව සියලු දෙනා කොමියුනිස්ට් දර්ශනය හා සම්බන්ධ කිරීම බව ඇය පවසා තිබුණා.

චීනය ජගත් මාධ්‍යවේදීන්ට එහි පැමිණ ටිබෙට් ජාතිකයන් මුණ ගැසෙන්නට ඉඩ නොදෙන්නේ ලෝකයෙන් සැඟවීමට යමක් ඇති නිසා බව ඇය පවසා තිබුණේ විදෙස් මාධ්‍ය ආයතනයක් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීයි.

RECENT ARTICLES - SINHALA

FOXHILL අනතුර: වීඩියෝ හරහා පරීක්ෂණ  

දියතලාව ෆොක්ශිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාතමක බව යුද හමුදාව පවසනවා. හමුදා ප්‍රකාශක, මේජර් ජෙනරල් රසික කුමාර මහතා සඳහන් කළේ,...

කොරියාවේ පදිංචියට යන කතාව බොරුවක් – මෛත්‍රී

තමන් දකුණු කොරියාවේ පදිංචිය සඳහා යන බවට විවිධ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දකුණු කොරියාවේ හෝ ලෝකයේ වෙනත් කිසිඳු...

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...