29 C
Colombo
Saturday, May 4, 2024

Breaking: වැලිකඩ ඝාතනයට රංගජීව නිදොස් කොට නිදහස්. එමිල් රංජන් එල්ලුම්ගහට

- Advertisement -

2012 වසරේ නොවැම්බර් මස 9 දින වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් අට දෙනෙකු මරා දැමීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම නීති විරෝධී ජන රාශියක් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා 33ක් යටතේ නීතිපතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නෙවමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා යන අයට එරෙහිව පසුගිය 2019 වසරේ නඩු පවරනු ලැබූවා.

මේ නඩුවේ සාක්ෂි විභාගය මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ වසර තුනකට අධික කාලයක් විභාගයට ගැනුනා.

එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නෙවමාල් රංගජීව යන අයව නිදොස් කොට නිදහස් කළ අතර හිටපු බන්ධනාගාර අධිකාරිවරයකු වන එමිල් රංජන් ළමාහේවා හට මරණ දඩුවම නියම කරනු ලැබූවා.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුුරු මඩුල්ල සදහන් කළේ මෙය තමන්ගේ ඒකමතික තීන්දුවක් බවයි.

නඩුවේ පළමු විත්තිකරු වන නෙවමාල් රංගජීව යන අයව සාක්ෂිකරුවන් විසින් සෘජුව හදුනාගැනීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළා.

මම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ කුඩා බණ්ඩාර නැමැති සාක්ෂිකරුගේ සාක්ෂිය පදනම් කරගනිමින් මෙම නඩුවේ දෙවන විත්තිකරු වන එමිල් රංජන් ළමාහේවා හට මරණ දඩුවම ලබාදීමට විනිසුරු මඩුල්ල තීරණය කර තිබුණා.

කුඩා බණ්ඩාගේ සාක්ෂියෙන් කියැවුණේ ‘කළු තුෂාර’ නැමැති බන්ධනාගාර රැදවියාව පැහැරගෙන රැගෙන යන ආකාරය තමන් දුටු බවයි.

ඒ අනුව එමිල් රංජන් ළමාහේවා හට එල්ලවූ 33 වන චෝදනාවට වරදකරු වෙමින් ඔහුට මරණ දඩුවම නියම වුණා.

මෙම නඩුවට අදාළව විත්තිය සහ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ දේශන අවසන් කිරීමෙන් පසුව නඩුවේ තීන්දුව පසුගිය ජනවාරි 06 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

පසුගිය ජනවාරි 06 වනදා පෙරවරු 11ට මෙම නඩුව කැඳවා තිබූ අතර නඩුවේ තීන්දුව ලියා අවසන් වුවත් එහි මුද්‍රණ දෝෂ සැකසීමට කාලයක් අවශ්‍ය හෙයින් තීන්දුව අද (12) පස්වරු 1.30ට දෙන බව විනිසුරු මඬුල්ල දන්වා සිටියා.

කෙසේ වෙතත් විනිසුරු මඩුල්ල අද පස්වරු 5 පමණ වනතෙක්ම අධිකරණයට පැමිණීම ප්‍රමාදවී තිබුණා.

මොකක්ද මේ වැලිකඩ ඝාතන නඩුව?

2012 වසරේ නොවැම්බර් නව වෙනිදා කොළඹ වැලිකඩ සිරගෙය තුළට ඇතුල් වූ තුන්සීයක් පමණ කණ්ඩායමකින් සැදුම් ලත් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) භටයන් පිරිසක් සිරකුටි තුළට යමින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළා.

සිරකරුවන් අත ඇති අනවසර අවි ආයුධ අත්අඩංගුවට ගැනීම එම සෝදිසි මෙහෙයුමේ අරමුණ වූ බව විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර නිලධාරීන් හට දැනුම්දී තිබුණා.

පළමුව, දරුණු අපරාධකරුවන් රඳවා තබන වැලිකඩ ‘L’ වාට්ටුව පරීක්ෂා කරමින් සිරකරුවන්ට තහනම් ජංගම දුරකථන ආදිය තමන් භාරයට ගත් විශේෂ කාර්ය බලකාය, ඉන් අනතුරුව මරණ දඬුවමට යටත් කරන ලද, එසේම ජීවිතාන්ත හෝ දීර්ඝ කාලීන සිර දඬුවම් නියමවූවන් රඳවනු ලබන ‘චැපල් වාට්ටුව’ නමින් හැඳින්වෙන සිරමැදිරි කරා ඇතුල් වීමත් සමඟ බන්ධනාගාරය තුළ තත්ත්වය දරුණු අතට හැරුණා.

එම සිර මැදිරිවල රඳවනු ලැබ සිටි සිරකරුවන්ට මාංචු දමා සෝදිසි කිරීම සැලැස්ම වුවත් සිරකරුවන් ඊට එරෙහිවීමත් සමඟ එය ගැටුමක් බවට පෙරළුණු බවට බන්ධනාගාර රැදවියන් සදහන් කළා.

එවැනි වාතාවරණයක් තුළ නොවැම්බර් නව වෙනිදා සවස එකයි තිහට පමණ ආරම්භ වූ සෝදිසි මෙහෙයුම අවසන් වූයේ මරණ විසි හතකින් සහ හතළිහකට අධික සිරකරුවන් පිරිසක් මරණීය නොවන මට්ටමේ තුවාල ලැබීමෙනි.

‘2012 වැලිකඩ බන්ධනාගාර කැරැල්ල’ ලෙස එය සමාජගත වූ අතර, පසුව එය ජාත්‍යන්තර වශයෙන් පවා සාකච්ඡාවට ලක්වෙමින් පවතින මාතෘකාවක් බවට පත්වුණා.

එසේම 1983 ජූලි කෝලාහල සමයේ දමිළ සිරකරුවන් මරා දමනු ලැබීමේ ප්‍රහාරයෙන් පසු සිදු කරන ලද දරුණුතම ප්‍රහාරය ලෙසත් එය හඳුන්වනු ලැබූවා.


RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයක්

මධ්‍යම පිලිපීනයේ ලයිට් පළාතේ රික්ටර් පරිමාණයේ 6.0ක  ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ  පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...