33 C
Colombo
Saturday, May 4, 2024

සරත් වීරසේකරගේ කතා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට – කාදිනල්

- Advertisement -

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී සොයාගන්නා ලද අත්බෝම්බයට සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදුකරන ප්‍රකාශ කොණ්ඩෙ බැදපු චීන්නුන්ට පමණක් වැදගත් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

පාස්කු ප්‍රහාරය සිදුවී දින 1000 ක් ගතවීම වෙනුවෙන් ඊයේ (14) රාගම බැසිලිකා දේවස්ථානයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව උන්වහන්සේ මෙම අදහස් පලකළා.

“පොලීසිය භාර ඇමතිතුමා නිකම් මේ වැල්වටාරම් කතාවල් කිය කිය.. දැනට එයාලා අරන් තියෙන මනුස්සයාගේ කාමරේ ගිනිකූරු පෙට්ටියේ ගිනිකූරු අඩුවෙලා තිබුණය, ඒ ගිනිකූරු එයා අලවලා තියෙනවා කියලා පිළිගත්තාය.. අරවා මේවා කියලා. පොලීසිය සාමාන්‍යයෙන් ඔය මිනිස්සුන්ව අරන් ගියාම ඒ මිනිස්සුන්ගෙන් ඒගොල්ලන්ට ඕන දේ කියවගෙන අත්සන් කරව ගන්නවා.”

“ඇමතිතුමා අවංක නම් අපි ඉදිරිපත් කරපු සාක්ෂිය ගැන හොයලා බලන්න ඕනේ. ඇයි ඒක කරන්න බැරි. ඒ වගේ ඇමතිවරුන් ගෙන් සත්‍ය සාධාරණත්වය ඉටුවෙයි කියලා අපිට බලාපොරොත්තුවෙන්න බෑ. විනිවිද පෙනෙන විදිහට මේ සිද්ධිය ගැන විමර්ශනය කරන්නට ඇමතිතුමාටවත් ආණ්ඩුවටවත් පොලීසියටවත් ඕනකමක් නෑ.”

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා මීට පෙර පවසා සිටියේ මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින පල්ලියේ සන්ක්‍රිස්ටියන් තනතුර හොබවන දෙමළ ජාතික පුද්ගලයාගේ කාමරයේ තිබී ගිනි පෙට්ටි සොයාගත් බවත්, එම ගිනි පෙට්ටිවල ගිනිකූරු අඩුවී තිබූ බවත්ය.

මේ හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකල බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

උදෑසන කාලයේ CCTV දර්ශන පරික්ෂා නොකල බවට කාදිනල් හිමියන් සිදුකල චෝදනාවට පිළිතුරු දෙමින් සරත් වීරසේකර මහතා සදහන් කළේ සවස් කාලයේ වීඩියෝ කඩිනමින් පරික්ෂා කර හැකි ඉක්මනින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ බවයි.

RECENT ARTICLES - SINHALA

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...