අද (18) පස්වරු 5 සිට කැලණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ සියලුම තාප විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
මීට හේතු වී ඇත්තේ, එම විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග අද සවස් වනවිට අවසන් වීමයි.
අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීමට අවස්ථා ගණනාවක දී බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කළ ද එම සාකච්ඡාවලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමි වී නැහැ.
මේ අනුව අද සවස පහේ සිට ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවක් අහිමි වනු ඇති.
විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ මේ හේතුවෙන් අද දින සිටම රාත්‍රී කාලයේ පැය එක හමාරක විදුලි කප්පාදුවක් කිරීමට සිදු වනු ඇති බවයි.
මේ අතර දැවි තෙල් නොමැතිව සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී ඇතැයි විදුලිබල මණ්ඩලය පවසනවා.
කෙසේ වෙතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900 ක් සැපයීම මේ වන විට ආරම්භ කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමිනි මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ අද දිනයේ රට තුළ විදුලිය කප්පාදුවක් නොකර සිටීමට උත්සාහ කරන බවයි.