30 C
Colombo
Thursday, May 2, 2024

විනෝදයට ගමන් ගැනීම හේතුවෙන් මධ්‍යම අධිවේගයේ තදබදයක්

- Advertisement -

පසුගියදා විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටසේ මේ වන විටත් විශාල තදබදයක් ඇතිව ඇති බව අප වාර්තාකරුවන් සදහන් කරනවා.

ඒ එම මාර්ගය දැක බලා ගැනීම සදහා මෙන්ම විනෝදය පිණිස එහි ගමන් ගන්නා පිරිස අධිකවීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

රථවාහන ප්‍රමාණය වැඩිවීම නිසා පිටවීමේ කවුළු අසල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙනවා.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටසේ නියමිත වේග සීමා සහ නියමිත දුර ප්‍රමාණ පවත්වාගෙන යමින් ධාවනයේ යෙදෙන්නැයි අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ නිහාල් ලොඩ්වික් මහතා සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔහු සදහන් කරන්නේ නව අධිවේගී මාර්ග කොටසේ සමහරුන් විනෝදයට අධික වේගයෙන් රිය ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් මෙම ඉල්ලීම සිදුකරන බවයි.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කළ පසුව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (16) දහවල් 12 දක්වා නොමිලයේ ගමන් කිරීමට මහජනතාවට අවස්ථාව ලබාදී තිබුණා.


RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

බදුල්ලට ගිය කැලිප්සෝ

මෙම වසරේ ජනවාරි 05 වනදා සිට බදුල්ල - බණ්ඩාරවෙල අතර නව විශේෂ සංචාරක දුම්රියක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා. එය නම් කර ඇත්තේ "කැලිප්සෝ"...

කටුනායක සිදුවිමේ සමාගම ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් පැහැදිලි කිරිමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...