33 C
Colombo
Saturday, May 4, 2024

ආණ්ඩුව ෆේල්..! ඒක පිළිගන්න වෙනවා – ඇමති අමරවීර

- Advertisement -

ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම පාලනය කර ගැනීමට සිය රජය අසමත් වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙම අසමත් බව අවංකවම පිළිගත යුතු බවයි අමරවීර මහතා පවසන්නේ.

අර්බුද රැසකට හේතුව රුපියල අවප්‍රමාණය වීම හා ඩොලර් නොමැති වීම බවත් කුමන ආකාරයේ ප්‍රකාශ සිදු කළද මෙම අර්බුදය සමනය කර ගැනීමට රජය අපොහොසත් වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ආසන්න වශයෙන් රුපියල් බිලියන 17,200 ක් පමණ විදේශ ණය තිබෙන බවත් පසුගිය කාලයේදී ගත් ණය සහ ඉදිරියේදී ගැනීමට නියමිත ණයද එකතු වූ විට එම අගය තවත් සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන බවත් පෙන්වා දෙන පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ මෙරට ජනතාවගේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 08 ඉක්මවා යාමට ආසන්න වී ඇති බවයි.

1977 වසරින් පසුව බලයේ සිටි සියලු නායකයන් මෙම තත්වයට වගකිව යුතු බවත්, ඔවුන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට සිදුකළේ රටේ ජනතාවට උගසට තබා දිගින් දිගටම ණය ලබා ගැනීම බවත් අමරවීර මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...