33 C
Colombo
Saturday, May 4, 2024

ශානිගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

- Advertisement -

තමාව අත්අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වෙනුවෙන් නීතිඥ ගෞරි තවරාසා මහත්මිය දෙසැම්බර් 09 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත්තේ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අබේසේකර මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසමින්ය.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 3 ක වන්දියක් ගෙවීමට බලධාරීන්ට නියෝග කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා ඇත.

ශානි අබේසේකර මහතාව රිමාන්ඩ් බන්ධනාගාරයෙන් විමර්ශන කටයුතු සඳහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා පිටතට ගෙන යන්නේ නම් ඔහුගේ ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පතිවරයාට නියෝගයක් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ, පොලිස්පතිවරයා, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හා නීතිපතිවරයාය.

තවද අබේසේකර මහතාගේ ඇප ඉල්ලුම් පත්‍රය ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා දෙසැම්බර් 09 වන දින ප්‍රතික්ෂේප කළ අතර ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ උපපොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් මහතාගේ ඇප ඉල්ලුම් පත්‍රයද විනිසුරුවරයා ප්‍රතික්ෂේප කරනු ලැබුවේ ය.

ශානි අබේසේකර සහ සුගත් මෙන්ඩිස් යන මහත්වරුන්ව අත්අඩංගුවට ගෙන තිබුණේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග යැවීම ඇතුළු චෝදනා යටතේය.

කෙසේ වෙතත් ඔවුන්ට ඇප ලබා දෙන්නයැයි ඉල්ලා ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඇතුළු තවත් නීතිඥ කණ්ඩායමක් ගම්පහ මහාධිකරණයට හමුවේ ඇප අයැදුම්පත් ගොනු කර තිබුණි. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අදාල ඇප ලබා දීම්වලට විරෝධතා ඉදිරිපත් කර තිබු අතර දෙපාර්ශවයේම කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත.

RECENT ARTICLES - SINHALA

පදියතලාවේ OIC ට පහර දීමක්

පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පදියතලාව පොලිස් ස්ථානාධිපතිවරයා රෝහල් ගත කර තිබෙනවා. පදියතලාව, සරණගම ප්‍රදේශයේ දී ඇති වු පෞද්ගලික ආරවුලක දී අනෙක් පාර්ශ්වයේ පිරිස් ස්ථානාධිපතිවරයාට පහරදී...

ලොහාන් රත්වත්තේ රනිල් ළඟට

නැවත රට භාරගැනීම සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. අද (04) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බී, සි,...

වාද්දුවේ පොලිස් වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

වාද්දුව, මොල්ලිගොඩ ප්‍රදේශයේ හෝටලයක් අසල අද (04) දහවල් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. මෙම වෙඩි තැබීම පොලීසිය විසින් සිදු කරන ලද්දක් බවට මේ වන විට...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...