32 C
Colombo
Sunday, May 5, 2024

රෝසිට අපහාස කළැයි චමුදිතටත් පුෂ්පිකාටත් නඩු. චමුදිතගේ Youtube නාලිකාවත් අනතුරේ.

- Advertisement -

තමාට එරෙහිව සමාජ මාධ්‍යයේ Youtube නාලිකාවක් හරහා එල්ල කර ඇති චෝදනාවලට දේශීය හා අන්තර්ජාතික අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ පිළිතුරු සැපයීමට කටයුතු කරන බව රෝසි සේනානායක මහත්මිය පවසනවා.

දෙසතියකට පෙර ඇමෙරිකාවේ ලාස්වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සම්බන්ධයෙන් ඊට මෙරටින් සහභාගී වූ පුෂ්පිකාද සිල්වා මහත්මිය Youtube නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක් හරහා රෝසි සේනානයක මහත්මියට දැඩිව චෝදනා එල්ල කර තිබුණා.

තරඟයේ අවසන් විනිශ්චයද යම් කිසි කෙනෙකුගේ මැදිහත්වීමකින් වෙනස් කර ඇතැයි පුෂ්පිකා ද සිල්වා මහත්මිය එහිදී වරින් වර සදහන් කළා.

ඇමෙරිකානු සමාගමක් වන මිසිස් වර්ල්ඩ් ආයතනය, එරටේම සමාගමක් වන Youtube (Google) සමාගමට ඇමෙරිකානු නීතිය යටතේ මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින බව සේනානායක මහත්මිය News19 කළ විමසීමක දී පවසා සිටියා.

මිසිස් වර්ල්ඩ් සමාගම මෙම Youtube නාලිකාවට ‍එරෙහිව සිංගප්පූරුවේ ජාත්‍යන්තර වාණිජ අධිකරණයේ හමුවට යාමේ හැකියාව සොයා බලමින් සිටින බවද පැවසෙනවා.

මීට අමතරව තමා ද, සිවිල් අපහාස නීතිය යටතේ එම Youtube නාලිකාවටත්, එහි හිමිකරුට සහ එම සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූ තැනැත්තියටත් එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥයන් යොමුකර ඇතැයි ද සේනානායක මහත්මිය පවසනවා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...