25 C
Colombo
Saturday, December 9, 2023

හිරු TV පුවතකට හා චමුදිතගේ ව්‍යාජ පැමිණිල්ලකට පොලිස් පරීක්ෂණ

- Advertisement -

හිරු TV ප්‍රවෘත්ති මගින් විකාශය වූ ප්‍රවෘත්තියක් සහ එම ආයතනයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම විසින් තමන්ට මරණ තර්ජන ඇතැයි බවට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය 26 වනදා හිරු රූපවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති මගින් විකාශය කෙරුණු ගල්කිස්ස ගණිකා ජාවාරම සම්බන්ධයෙන් ‍වූ සිදුවීමට පොලීසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට වන පුවත අසත්‍ය බවයි පොලීසිය සදහන් කරන්නේ.

එම පුවතේ සදහන් වූයේ අදාළ ගණිකාවන් තවත් කිහිප දෙනෙකු සමග එක්වී එහි එන පුද්ගලයන්ට පහරදී කොල්ලකෑම පිළිබදව ප්‍රදේශවාසීන් විසින් පොලීසිය දැනුවත් කලද තවමත් එම ස්ථානයේ එම ජාවාරම ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත් එම සිදුවීම පිළිබදව මේ වන විටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලීසිය සදහන් කරනවා.

එමෙන්ම මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා තමන්ට මරණ තර්ජන එල්ල වූ බවට පසුගියදා පොලීසියට කරන ලද පැමිණිල්ලේ කිසිදු පදනමක් නොමැති බව මූලික විමර්ශනවලින් හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා.

ඒ අනුව මෙම සිදුවීම් දෙක සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ විමර්ශන සිදුකිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට භාරදුන් බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...