25 C
Colombo
Sunday, May 19, 2024

ඇමති අරුන්දිකගේ මැරයින් පිරිසක් රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීලා

- Advertisement -

අද (02) අලුයම රාගම වෛද්‍ය පීඨයට පැමිණි පිරිසක් එහි සිසුන් පිරිසකට පහරදීම හේතුවෙන් සිසුන් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ එම වෛද්‍ය පීඨයේ පිරිමි නේවාසිකාගාරයේ රැදී සිටින සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය පීඨයට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු එම වෛද්‍ය පීඨයේ සිසුවෙකුට පහරදී ඔහුව මෝටර් රථයක දමා පැහැරගෙන යෑමට උත්සහ කර තිබෙනවා.

එහිදී එම ස්ථානයට පැමිණි තවත් සිසුන් පිරිසක් ඔවුන්ට පහරදී අදාළ සිසුවා බේරාගැනීමට උත්සහ කිරීමේදී මෙම ගැටුම ඇතිව තිබෙන බවයි පැවසෙන්නෙ.

සිසුන්ගේ පහරදීමත් සමඟ ඔවුන් පැමිණි මෝටර් රථයද දමා එම පුද්ගලයින් පලාගොස් ඇති අතර ඉන් පහරකෑමට ලක්වූ එක් පුද්ගලයෙක් පසුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රාගම වෛද්‍ය පීඨයට පැමිණි පුද්ගලයින් KI-2376 දරණ මෝටර් රථයෙන් පැමිණි අතර එය රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පොල් සංවර්ධන මණ්ඩලය යටතේ ලියාපදිංචි වූ වාහනයක්.

එමෙන්ම පහරදීමට පැමිණි එක් පුද්ගලයෙකුගේ මුදල් පසුම්බියේ තිබූ ඔහුගේ රාජකාරි හැදුනුම්පත හමුවී ඇති අතර එහි සදහන් වන්නේ ඔහු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු බවයි.

මේ සම්බන්ධයෙන් පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර මේ වන විට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

ජාතික රණවිරු සැමරුම අදයි.විශේෂ රථ වාහන සැලැස්මක්

ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අද (19) පස්වරු 04ට බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. ‍මේ අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...