31 C
Colombo
Tuesday, May 21, 2024

රාගම සිදුවීමට 6 ක් අත්අඩංගුවට. සරත් වීරසේකරත් අත දමයි (වීඩියෝ)

- Advertisement -

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

මේ අතර රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ගැන පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ සඳහා යොදවා ඇති බවයි.

“බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කැලණිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවලා තියෙනවා මේ සම්බන්ධ අදාළ සියලු පුද්ගලයින් අත්අඩංගුවට ගන්න. ඒ වගේම රාජ්‍ය ආයතනයකට අයත් මෝටර් රථයක් සහ ඒ රියදුරා වෛද්‍ය පීඨයේ සිසුන් විසින් අත්අඩංගුවට අරගෙන පොලීසියට භාරදීලා තියෙනවා. ඔහු රාගම පොලීසියේ අත්අඩංගුවේ සිටින්නේ. පුද්ගලික, තාක්ෂණික, විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. මේ සියලුම සාක්ෂි ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා තියෙන්නේ.
ඒ අනුව සියලුම පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පොලිස්පතිතුමාට විශේෂ නියෝගයක් ලබා දී තිබෙනවා ”


RECENT ARTICLES - SINHALA

පාසල් නිවාඩුව ගැන විශේෂ නිවේදනයක්

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය...

ජාත්‍යන්තර තේ උත්සවය අවලංගු කිරීමේ තීරණයක්

ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ වියෝව නිසා ජාත්‍යන්තර තේ දින උත්සවය අවලංගු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා තේ...

රතුපස්වල තීන්දුවට එරෙහිව අභියාචනයක් කරන්නැයි ඉල්ලා නීතිපතිට ලිපියක්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් වැලිවේරියේ උද්ඝෝෂණය කළ නිරායුධ සාමකාමී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් වන රතුපස්වල නඩුවේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...