30 C
Colombo
Wednesday, February 19, 2025

එයාලා ගියේ නවක වදයට අහුවෙලා ඉන්න වෛද්‍ය ශිෂ්‍යාවක් බේරාගන්න – ඇමති අරුන්දික (වීඩියෝ)

- Advertisement -

රාගම වෛද්‍ය පීඨයේ ඇතිවූ සිදුවීමට තමන් සම්බන්ධ යැයි ඔප්පු කලහොත් තමන් සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

තමන් මෙම සිදුවීම අද උදෑසන දැනගත් බවත් තම අමාත්‍යාංශයේ කවුරුන් හෝ මෙම සිදුවීමට සම්බන්ධ නම් ඔවුන්ට එ‍රෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරනවා.

සෑම විටම සාධාරණව කටයුතු කිරීමට තමන් කටයුතු කර ඇති බවත් කිසිදු දිනෙක පොලිසියක තමන්ගේ නම හෝ නොගෑවී ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.

කෙසේ වෙතත් අද උදෑසන වන තෙක් මෙය නොදැන සිටි බව පවසන අමාත්‍යවරයා පවසන්නේ මෙම සිදුවීමේ දෙපැත්තක් පවතින බවයි.

රාගම වෛද්‍ය පීඨය තුළ ඉගෙනුව ලබන විශේෂඥ වෛද්‍යවරියකගේ දරුවෙකුට එරෙහිව ක්‍රියාත්මක වූ නවක වද සිදුවීමකට අදාලව මෙම බාහිර පිරිස පැමිණ පහරදී ඇති බවයි අරුන්දික ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන්නේ.

දිගින් දිගටම අදාළ වෛද්‍ය ශිෂ්‍යාවට සිදුවූ හිරිහැර හේතුවෙන් ඇයව ගලවා ගැනීම සදහා මෙම පුද්ගලයින් මෙම පුද්ගලයින් රාගම වෛද්‍ය පීඨයට ගොස් ඇති බව තමන්ට ආරංචි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES