33 C
Colombo
Saturday, May 4, 2024

අන්තර්ජාලයේ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙස ඉල්ලීමක්

- Advertisement -

කොවිඩ්-19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිතා නොකරන ලෙස දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන්  ඉල්ලීමක් කර ඇත.

දෙසැම්බර් 14 දින අදාල නිවේදනය නිකුත් කර ඇත.

දේශය වෙදකම තුළ භාවිතා වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු අන්තර්ජාලයේ මේ දිනවල විශාල වශයෙන් සංසරණය වන බවත් එම ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙසත් එම අමාත්‍යාංශය පවසයි.

ආයුර්වේදයේ හා දේශීය වෙදකම තුළ රෝගයක් සඳහා ඖෂධ සකස් කිරීමේ දී ඊට යොදාගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 

තම ශරීර ප්‍රතිශක්තිය වර්ධන උදෙසා දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම භාවිත කළද, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලාබා  දී ඇති මාර්ගෝපදේශයන් ට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති සෞඛ්‍ය උපදෙස් ඒ ආකාරයෙන්ම තවදුරටත් පිළිපැඳීම අත්‍යාවශ්‍ය බව ද එම අමාත්‍යාංශය අවධාරණය කරයි.

RECENT ARTICLES - SINHALA

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...