27.8 C
Colombo
Sunday, April 28, 2024

ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව හේදිලාම යනවා – රාජ්‍ය ඇමති රොෂාන්

- Advertisement -

මේ මොහතේ ජනතාව ආණ්ඩුව කෙරෙහි කලකිරීමකින් සිටින බවත් වේදනාවකින් සිටින බවත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික ලොතරැයි මණ්ඩල අලෙවිකරුවන් සඳහා ගිරිතලේ හෝටලයකදී පැවැති සුහද හමුවකට සහභාගි වෙමින්.

එමෙන්ම මැතිවරණයක් පැවතියහොත් වත්මන් රජයට විශාල පරාජයක් අත්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වනවිට, බඩු මිල වැඩි වී තිබෙන අතර සිමෙන්තිවලින් හාඩ්වෙයාර් මුදලාලිලා අසීමිත ලෙස ජනතාව ගසා කමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා,

”ගෑස් වල හිඟකමට වඩා ගෑස් හංගලා කළු කඩ කාරයෝ අසීමිත ලෙස මුදල් උපයනවා. මේකට අවුරුදු 70 ක පාලනය තුළ
අවුරුදු 18 ක 20 ක පාලනය හැර ඉතුරු කාලය තුළ ගන්නා ලද තීන්දු තීරණ බලපෑවා.1948 සිට 1977 දක්වා ඩොලරයකට ගෙව්වේ රුපියල් 7 යි. ජේ.ආර්.ජයවර්ධන මහතා පිටරටින් බඩු ගේන එක ආරම්භ කරපු දින සිට අපේ ආර්ථිකය කඩා වැටුණා. අපි සියලු දෙනා සැමදෙයකටම දේශපාලනඥයින්ට අත දිග හරිනවාට වඩා තමාගේ යුතුකම රට වෙනුවෙන් ඉටු කිරීමට කටයුතු කළ යුතුයි.කොවිඩ් හැදිලා එන්නත ලබා දුන්නා. ආර්ථික වශයෙන් වැටිලා සිටින විට රුපියල් 5000 දීමනාව ලබා දුන්නා. ඉතා හොඳින් අපි අණ්ඩුව කළමණාකරණය කරගෙන ආවත් යම් තැනන අපිට වැරදිලා තියෙනවා. අපි එම වැරැද්ද හදා ගත යුතුයි. මෙයින් වාසි ලබා ගැනීමට මේ රට අවුරුදු 05 කට විනාශයට ඇද දමන ලද විපක්ෂය අද උත්සහ දරනවා.

2015 සිට 2019 දක්වා ණය ප්‍රමාණය රුපියල් බිලියන 7000 ක සිට රුපියල් බිලියන14000 ක දක්වා වැඩිකිරීම, මහ
බැංකු මංකොල්ලය, පාස්කු ප්‍රහාරය යන මේ සියල්ලම අද මේ තත්ත්වයට හේතු වුණා.

මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට ජනතාව වැඩ කලේ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි අසීමිත ලෙස විශ්වාස කරලා. එතුමා ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාව පත් කලා. ලෝක ඉතිහාසයේ කිසිම තැනක නැහැ ජනාධිපතිවරයා සිටින දිස්ත්‍රික්කය පාරජය කරන ලද රටක්. පළමුවැනි වතාවට අපි එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී කලා. අද ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි කළකිරිලා හා වේදනාවෙන් ඉන්නේ. මැතිවරණයක් තිබ්බොත් අපි හොඳලා යන්නේ. මේක වෙනස් කරන්න පුළුවන්. ජනතාව දුන්න වරමින් ජනතාවට කරුණු හා සත්‍යය අවබෝධ කරල දීල. අපිට තවත් කාලය තිබෙනවා මේ රට ගොඩ දමන්නට. ඒ සඳහා දක්ෂ පුද්ගලයින් අපේ අණ්ඩුවේ ඉන්නවා. අපේ ප්‍රධානම බැදීම තිබෙන්නේ ජනතාව සමඟයි. ඔබ පත් කරන ලද මේ රජය කෙරෙහි විශ්වාසය තබලා කටයුතු කරන්න. ඔබත් සමඟ අපි ඉන්නවා. ඔබට සාධාරණය කරන්න අපට හැකිවෙනවා කියන විශ්වාසය තබා ගන්න.”

RECENT ARTICLES - SINHALA

FOXHILL අනතුර: වීඩියෝ හරහා පරීක්ෂණ  

දියතලාව ෆොක්ස්හිල් මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන ඔස්සේ පරීක්ෂණ ක්‍රියාතමක බව යුද හමුදාව පවසනවා. හමුදා ප්‍රකාශක, මේජර් ජෙනරල් රසික කුමාර මහතා සඳහන් කළේ, මේජර්...

කොරියාවේ පදිංචියට යන කතාව බොරුවක් – මෛත්‍රී

තමන් දකුණු කොරියාවේ පදිංචිය සඳහා යන බවට විවිධ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. දකුණු කොරියාවේ හෝ ලෝකයේ වෙනත් කිසිඳු...

නිලධාරි හිඟයෙන් විගණනයත් කොටඋඩ

නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව තිබෙන බව වාර්තා වනවා. විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2400ක් සිටිය යුතු තැන දැනට සිටින්නේ 1400ක් බවයි වාර්තා වන්නේ....

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

NSBM එකට හෝමාගමින් ඉඩම් දෙකක්

හෝමාගම, පිටිපන පිහිටි ඉඩම් කොටස් දෙකක් (02) සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) වෙත ලබා දීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. හෝමාගම නගර...