29 C
Colombo
Saturday, May 4, 2024

‍රනිල් අද හයිඩ් පිටියේ දී සත්‍යග්‍රහයක (වීඩියෝ)

- Advertisement -

ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (25) දින කොළඹ හයිඩ් පිටියේ දී සත්‍යග්‍රහයක් සංවිධාන කර තිබෙනවා.

අඳුරු අනාගතය පහන් කරන්නට ජාතික එකඟතාවක් – ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමු යන තේමාව යටතේ පස්වරු තුනට මෙය පැවැත්වෙන බවයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ.

මේ අතර, ඊයේ රැස් වූ පාර්ලිමේන්තුවේ දී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ, ඉදිරි සති දෙකක කාලය තුල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10ක් පමණ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වන බවයි.

“හ,ර,එ,ස” යන අකුරු වලින් නම් පටන් ගන්නා මන්ත්‍රීවරුන් එලෙස එක්වන මන්ත්‍රීවරුන් අතර වන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර සිටියේ.


RECENT ARTICLES - SINHALA

කැකිරාවේ කිරි සමාගමකට සීල් තියලා

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය...

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...